හිමි අහිමි 2

196 52 38
                                    

මතකයන් විටෙක සිත් සුවපත් කරති.....ඒත් සුවපත් මතක පමණක් තිබිය හැකිද එසේ නම් මෙලොව වෙසෙන මිනිසෙකු නොවිය යුතුය...

පසුදා උදෑසන අවදී පාරමී සිංදුගේ හිස සිප ගත්තේ මවක තම දරුවෙකු කෙරේ හටගන්නා තරම් වූ සෙනෙහ්සකිනි....තම තුරුලේ නිදා සිටි සිංදු අවදි නොවන ලෙස ඈ ඇදෙන් බැසගත්තේ අද පාසල් නිවාඩු දිනයක් වූ බැවිනි....

නමුත් ඈ ඇදෙන් බසින සැනින් සිංදු අවදිවිය...

මොකෝ ළමයෝ මේ ඇහැරිලා...තව ටිකක් දොයියන්න....

අක්ක අදත් වැඩද?

ඔවු දරුවෝ .... නොයා බෑනේ ඉතින් ....

පාරමී සෙනසුරාදා වැඩට යනබව සිංදු දනී...ඒත් ඈ පාරමී තුරුලේ තව මොහොතක් නිදන්නට පැතුවාය...

කෝ එන්න යමු මූණ සෝදන් ඇවිත් පාඩම් කරමු.....

හා යමුකෝ එහෙනම් .....

පාඩම් කිරීමට සිතක් නැතත් ඈ ඇදෙන් බැස පාරමීගේ අතේ එල්ලිනි....ඈ සමග ගත කිරීමට ඇති අල්ප මොහොතත් ඇදට වී නිදන්නට හැකිද?...

පාරමී ලෑස්ති වනතුරු සිංදු ඈ අසලදැවටෙමින් කෝළම් කිරීම ඇගේ සිරිතකි.විටෙක ඈ පාරමීගේ කොන්ඩය ගෙතුවාය....විටෙක ඈ කිති කැව්වාය...

පිස්සු කෙල්ල....කෝ මට පරක්කු වෙනවා දරුවෝ...

තව ටිකකින් පරක්ක්කු නොවී පන්තියට යන්න...

පාරමී සිංදුගේ අතගෙන රුපියල් 500 නෝට්ටුවක් ඇගේ අත තබා ගුලිකලාය...

අනේ අක්කේ මෙච්චර මොකටද?

පංති ඇරිලා එනකොට පරක්කු උනොත් කෑම ඉතුරුවෙන එකක් නෑ එනගමන් කෑම එකක් ගෙනත් කන්න...

පරිස්සමින් ගිහින් එන්න අක්කේ....

හරි දාරුවෝ ඔයත් පරිස්සමින් ගිහින් එන්නකෝ.....

වෙන්වීම දුකකි ඒත් යලි හමුවන බලාපොරොත්තුවෙන් ඈ සිංදුගෙන් වෙන්ව ගාමන්ට් බසයට ගොඩවිය...

ගුඩ්මෝනිං කෙල්ල....

ගුඩ්මෝනිං අක්කෙ....

පාරමී ඇත්තටම උබ දැං තවත් හැඩවෙලා බං... මං බලාගෙන අරූ උඹට පැණිහලනවා...මොකෝ කියන්නේ ??

හිමි අහිමි.....Where stories live. Discover now