(මගේ කතාව ලියලා පැත්තකට වෙලා ඉන්න හැදුවට කොච්චර හරි මේකට ඇවිත් බලලා යන්න හිතෙනවා...මේ කතාව මගෙන් ආය ලියන්න කියලා ඉල්ලපු හැමෝම වෙනුවෙන්...මේක ලියන්න පටන් ගන්න idea එක දුන්නේ නම් axianrhu123 නංගි..ඒත් මං ඒකට ගොඩාක් දේවල් එකතු කරන්න හිතන් ඉන්න නිසා මොනවිදියට end කරනවද කියන එක ගැන මං තාම හිතුවේ නෑ....මේක gl එකක්මත් නෙමේ bl එකකුත් නෙමේ ඒ හැමදේම එකතු උන එක කතාවක්...කලින් කතාව වගේ මේ කතාව share කරන්න මං මහන්සි වෙන්නේ නම් නෑ ඔයාලගෙ comment, vote වල හැටියට කතාවට ඔයාල ආසයි කියලා දැනුනොත් මං කතාව දිගටම ලියන්නම්.ඉස්සරහට මං ටිකක් busy වෙයි ඒක නිසා update පරක්කු උනොත් නම් සොරි .... ආ තව එකක් මේකෙ 18+ 21+ තියෙන්න පුලුවන් නිසා පොඩි කට්ටිය skip කරන්න බලාගෙන කියවන්න පටන් ගන්න)
.
.
.
.
.
.
.ළමා නිවාසයක හැදී වඩුනු පාරමීත් සිංදුජාත් මුල් කරගත් මේ කතාව ඔවුන් මුහුණ දෙන ඇතැම් අද්දැකීම් හා ඔවුන්ට මුණගැසෙන ඇතැමෙකුගේ ජීවිත වටා ගෙතී පවතී...කිසිවෙක් වැරැදියැයි මම නොකියමි....හරි , වැරැදි....තීරණය ඔබට භාරය.......
ජීවිතයේ වැරදුනු තැන් මෙතෙකැයි කිව නොහැක..... ඒ විටෙක හරියැයි සිතූ බොහෝ දේ පසුව වැරැදි යැයි හැගුනු වාර අනන්ත ඔබත් මාත් පසු කර ඇති හෙයිනි...නොවැරදුනු කෙනෙක් ඇතැයි මා විස්වාස නොකරමි...
සම්මතයක් අසම්මතයත් අතර දෝලනය වන පාරමීගේත් සිංදුගේත් කතාවේ කලු හෝ සුදු නොවන අලු චරිත මවන්නට මා කළ උත්සාහය හිමි අහිමි තුළ ගැබ්ව ඇත ....
මෙය හුදෙක් මගේ සිතේ ඇදුනු චරිත වටා ගෙතුනු නිර්මාණයක් පමණි....මේ කතාව කියවීමෙන් යම් සිත් රිදුමක් හටගත්තානම් දහස් වාරයක් ඊට සමාව අයැද සිටිමි....
මින් මා ලද යම් පැසසුමක් වේද ගාමන්ට් රැකියාවෙන් සිය දිවිය සරි කරගන්නා දිරිය ගැහැණුන්හට එය පුද කරමි.......
YOU ARE READING
හිමි අහිමි.....
Storie d'amoreක්ලේශ ප්රහානය කළ අතලොස්සක් හැර................... පිරිමි රිසි ගැහැණු, ගැහැණු රිසි පිරිමි, පිරවීය ලෝකය..... ඔවුන්ගේ ඵල අතරම හට ගති සමරිසි පිරිමි සහ ගැහැණු..... ඒ සියල්ලෝම පෙම්කරති...පොදි බදිති..... උනුන්ගේ හිමි අහිමිකම් මැද ජීවිත ගැට ගසති... ආවොත...