20

46 9 0
                                    

'ඩොකටර් අන්කල්..'

'කියන්න ගුකි'

'ඔයාගෙ හිනාව ලස්සනයි.. ඒන්ජල් කෙනෙක් වගෙ..'

'අනේ තැන්ක්‍යූ පැටුටෝ..

'හී..'

'ඔයාගෙ හිනාවත් ලස්සනයි පැටියෝ.. හරියට හා පැටියෙක් වගේ..'

'තැන්කූ..'

'අහ්.. අහ්.. ඇයි මගෙ හිනාව ලස්සන නැද්ද..'

'ඔයාගෙ හිනාව තමා මිසිස් ජෙයෝන් ගුකීටත් ඇවිල්ලා තියෙන්නෙ..'

'අයියෝ ටේ මම කියලා තියෙනවා මිසිස් කෑලි දාලා කියන්නෙ ඕනෙ නෑ කියලා.. මට ආන්ටි කියන්න අනේ..'

'එහෙම බෑ නේ මිසිස් ජෙයෝන්..'

'බලන්න චිච්චි මෙයත් අප්පා වගේම මුරන්ඩුයි.. ඔයා කියන දේවල් අහන්නෙම නෑ..'

'අම්මෝ ඔව් ඔව් ඔයාගෙ අප්පා ගැනනම් මොනවා කියන්නද..'

'ඇත්තටම මිසිස් ජෙයෝන් මෙයා කාගෙද..'

'මෙයා මේ චිච්චි කියන්නෙ ආච්චි කියන එකට තමා පුතේ.. මේ මගෙ පොඩි පුතාගෙ පුතා..'

'ආ එහෙමද..'

ටොක් ටොක්

ඒ එක්කම දොර ඇරගෙන ඔලුවත් නමාගෙන ආව සර්වන්ට් කෙනෙක් එතනින් බනානා මිල්ක්ශේක් එකකුයි, කොෆී දෙකකුයි තියාලා ගියේ ගුකී කෑ ගහගෙන ගිහින් බනානා මිල්ක්ශේක් එක බොන්න ගත්තෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. අනේ මෙයා ජන්කුක් වගේමයි.. මොනවද ටේ ඔයා මේ හිතන්නෙ මොනවා නැත්තත් ජන්කුක්ට මෙච්චර ලොකු කොල්ලෙක් ඉන්න බෑ නේ.. ජැක්සන් හ්‍යෝන්ගෙත් නෑදෑ කෙනෙක් නිසා වෙන්න ඇති මේ අය එක වගේ වෙන්න ඇත්තෙ.. ඔයත් මොනවා හිතනවද මන්දා ටේ..

'එහෙනම් මිසිස් ජෙයෝන් චූටි ගුකී මට යන්න වෙලාව ඇවිල්ලා..'

'අනේ ටේ අන්කල් යන්න එපා..'

ඒ එක්කම බිබී හිටිය මිල්ක්ශේක් එකත් පැත්තකින් තියලා දුවගෙන ඇවිල්ලා මාව බදා ගත්තෙ අඩන්න ඔන්න මෙන්න වගේ කටහඩත් හදාගෙන..

'එහෙම බෑ නෙ ගුකී පැටියො මටත් ඉන්නවා ඔයාගෙ වගේ චූටි පැටියෙක් එයා බලන් ඇතිනෙ මම එනකන්.. අනික තව ටිකකින් ඔයාගෙ අප්පා එයි ඒ ආපුවහම ඔයත් මාව දාලා යයි. එතකොට මන් තනි වෙනවනෙ..'

He( Taekook )Where stories live. Discover now