Part 3

296 43 10
                                    

"ඒ කියන්නේ කතාව ඉවරයි කියන එකෙනෙ ... "

මම කල්පනා කලා .

" මට අහන්න ගොඩාක් පරශ්න තියෙනවා . මම මුලින්ම මේක අහන්නම්කෝ .. මට කියන්න වැම්පයර් කුමාරයාට ..."

මම ප්‍රශ්නේ නවත්තලා අහගෙන ඉන්න කෙනාගේ මූන බැලුවා . එයා ඉන්නේ මාරම සීරියස් ලුක් එකක . මට හිනායන්න ආවත් බොහෝම අමාරුවෙන් ඒක නවත්තගත්තා .

" ඔයා ඉක්මනට ඔය ප්‍රශ්නේ අහනවාද ..? "

බැරිමතැන එයා ඇහුවා .

" හරි මං කියන්නම් .. මම කියන්න ගියේ වැම්පයර් කුමාරයාට කුමාරිකාවක් හොයන්නේ කොහොමද කියලා . "

මම එහෙම කියනවාත් එක්කම මං දිහා බලාගෙන හිටපු කෙනා ඔලුවේ අත ගහගත්තා .

" දැන් ඔයාට මගෙන් අහන්න තිබුනු වැදගත්ම ප්‍රශ්නය ඕකද කියන්න ? "

එයා ඇහුවා .

" හරි හරි මම විහිලු නවත්තන්නම් . දැන් මට කියන්නකෝ ඔය දේවල් ඇත්තනම් ඒක ඉක්මනට කුමාරයාට නේද ගිහින් කියන්න ඕනේ . ඇයි ඉතින් මට කියන්නේ.. ? "

කියලා මං ඇහුවා . ඒපාරනම් මං අහපු ප්‍රශ්නේ විහිලුවක් නෙමෙයි . 

" ඇතියන්තම් .. හොද පරශ්නයක් ඇහුවා . දැන් වෙලාව හරි . ඔයා ඕකෙන් නැගිටලා අර පඩිපෙල දිගේ පහලට යන්න . "

එයා මට කිව්වේ මාව ගනන් ගන්නේවත් නැතුව ඔරලෝසුව දිහා බලලා , එලියේ තිබුනු පඩිපෙල පෙන්නන ගමන් . නමුත් මගේ ප්‍රශ්නයට උත්තරයක් නම් ලැබුනේ නෑ.

" අම්බෝ ... ඇතියන්තම් .. මේ මලකරදරෙන් බේරෙන්න පුලුවන් . "

මම එහෙම හිතාගෙන පල්ලෙහාට ගියා .

"හපොයි.. මට වැරදුනා වගේ .. "

මම මටම කියාගෙන ආයෙමත් උඩට දුවන්න හැදුවත් බැරි උනේ මගේ පිටිපස්සෙන් තඩියො දෙන්නෙක් හිටගෙන හිටපු නිසා . ඒදෙන්නා මට වඩා අඩි දෙක තුනක් විතර උසයි . පිටිපස්සෙන් තවත් කෙනෙක් ඇවිත් මට කතාකරපු නිසා මම එයත් එක්ක ගියා .

එයා මට කාමරයක් පෙන්නුවා . මම ඒ කාමරයේ ඇතුලට ගිහින් නාගෙන , මූනකට හෝදලා හොද අලුත් ඇදුම් ඇදගත්තා .

⚠︎𝑇𝐻𝐸 𝑃𝑅𝐼𝑁𝐶𝐸 𝑂𝐹 𝐵𝐿𝑂𝑂𝐷⚠︎✔️Where stories live. Discover now