2018.08.07හේයි... ගොඩ කාලෙකින් නේද....... හරිම මහන්සී අප්පා..... ඊයේ තමා අපේ ටර්ම් ටෙස්ට් එක ඉවර වුනේ... ඉතින් ඔයා දන්නවා නේ ටර්ම් ටෙස්ට් තියෙයි කියන්නේ අපේ අම්මට ඔයා වහ කදුරු වගේ කියලා...... මතක් වෙද්දිත් හිනා යනවා.....
ඔයා දන්නවද අද.. නෑ.. නෑ... අද නෙමෙයි දවස් ගානක ඒවා තියෙයි නේ කියන්න...... මං මෙහෙම පටන් ගන්නම්
මුලින්ම කිව්වොත් ටර්ම් ටෙස්ට් එකේ ලොකු අවුලක් නම් නෑ හැබැයි ඉතින් අර මං මහලොකුවට කරන්න ගත්තු ව්‍යාපාර හා ගිණුම්කරණය කියන එක නම් ඉතින් ටිකක් ඇනුනා..... එච්චර තමා ඉතින්.....
පාන්දරම නැගිටිනවා.. ඉස්කෝලේ යනවා.. ගෙදර එනවා.. කනවා.. ඊලග දවසේ ටික බලනවා.. නිදාගන්නවා.. ආයෙම නැගිටිනවා ඔච්චර තමා ඉතින් කරේ ගිය සති දෙකටම........
ඊයෙ නේ ඉතින් එක්සෑම් එක ඉවර වුනේ ඉතින් අර මගේ එලොවටත් නැති මෙලොවටත් නැති යාලුවො තුන්දෙනා අපේ ගෙදර ආවා...... වෙන මොකටවත් නෙමෙයි මාව කන්න බලන් ඇවිත් තියෙන්නේ........ මොනා කරන්නද දුක තමා ඉතින්.....
ඉතින් උන් තුන්දෙනා උදේ පාන්දර ම කුකුලත් බැඳන් මෙහේ ආව නිසා උදේටත් ඉතින් කන්න දුන්නා....... එපාර රටේ ලෝකේ තිබ්බ ඔක්කොම කෝප්ප ටික හෝදලා ඉවර වුනාට පස්සේ පහල තිබ්බ ඇලට යන්න ඕන කියලා ගියා විතරයි ජීවිතේට දැකලා නෑ වගේ පැනලා නෑවා.......
කොහොමහරි උන් තුන්දෙනාව ගොඩට අරන් ගෙදර එක්කන් ඇවිත් දවල්ටත් කන්න දීලා අතුරුපසත් දුන්නට පස්සේ අපි හැමෝම ෆිල්ම් එකක් බලන්න ගත්තා.....
හොදම එක කියන්නේ අපි බලන්න ගත්තේ හොරර් මූවි එකක්...... House Of wax හතරදෙනා එක්ක බලන්න ගත්තට මොකද ඒක බලනවට වඩා අපි කරේ කෑගහන එක....... මොනා කරන්නද ඉතිම්..... සෙලවෙන මනසනේ.....
ඒ වෙලාව කොච්චර ජොලිද කියලා තේරෙන්නේ මතක් වෙද්දි තමා.....
දැන් ඇති නේ.... හරිම මහන්සි... දැන් ආයෙම හෙටත් උදේම නැටින්න ඕන අර කට්ටිය යද්දි හෙට බර්ත්ඩේ පාර්ටි එකකට ඉන්වයිට් කරලා ගියානේ........ අනේ මගේ වීකෙන්ඩ් එක......😩
බායි එහෙනම්.......
හෙට එන්නම්.............__________________________________________________
ඇත්තම කිව්වොත් මං ඩයරි ලියලා නෑ...... ඉතින් මං දන්නෑ මේක ඔයාලට කොහොම දැනෙයිද කියලා........
අඩුපාඩු තියෙනව නම් කියන්න......Hope you guys enjoy......
Dil.
YOU ARE READING
Dear diary
Short StoryTo My Lovely Diary....... Started - 2023/02/20 End - 2023/02/21