එක පාරටම මූනට එලියක් වැටෙනවා කියලා දැනෙද්දි මං අමාරුවෙන් ඇස් ඇරියා...... හොදට හුරු වටපිටාවක් නිසා හිමීට මං වටපිටට බැලුවා..........
මං තාමත් මගේ කාමරේ.........................
මට හිතාගන්නවත් බෑ..... ඒ වෙච්ච ඔක්කොම දේවල් ඇත්තටම වුනා වගේ මට තාමත් දැනෙන්නේ......ඉතින් මම ආයෙම නැගිටලා ලේස්ති වෙලා බර්ත්ඩේ පාර්ටි එකට තාත්තාත් එක්ක යන්න පිටත් වුනා........ තව ටිකෙන් මට හාර්ට් ඇටෑක් එකක් හැදිලා තමයි නවතින්නේ......
ඒ මොකද කියලා දන්නවද.........
මං අර දැකපු එකේ විදියටම අපි අතුරුපාරකට වැටිලා නැවතුනාට පස්සේ මට කෑගැහුනෙ නැති ටික විතරයි......... මං හීනෙන් දැක්කා වගේම ගෙදර කිසිම අඩුපාඩුවක් නැතුව ඒ විදියටම තියෙනවා........
ඇතුලට යන්නේත් නැතුව කල්පනා කර කර ඉද්දි යාලුවා මාව බලෙන්ම ඇතුලටත් එක්කන් ගියා.......... පස්සෙ යාලුවා අපි තුන් දෙනාම එයාගෙ කාමරේට එක්කන් යන්න හීනෙ විදියටම සුදුපාට දොරක් ඇරලා පඩි පෙලෙන් අපිව එක්කන් ගියා...... දෙවෙනි වතාවටත් මං ෆුල් කොන්ෆියුස්....... ඒ හීනෙ විදියටම සොල්දරේ වගේම යාලුවගේ කාමරේ ඒ එක්කම හොල්මන් මූවීස් ටික එහෙම ම තිබ්බා...... හොද වෙලාවට මං හාර්ට් පේශන් කෙනෙක් නොවුනේ..... එහෙම වුනා නම් මං මේ වෙද්දි අඩි හයක් යට නිදි..........
කොහොම හරි අපි ඔක්කොමලා ඒ හොල්මන් මූවීස් ටික බැලුවා...... වෙනසකට තියෙන්නේ.... අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ෆිල්ම්ස් බැලුව එක විතරයි............
ඉතින් මම තාමත් කල්පනා කරනවා මොකද්ද ඒ වුනේ කියලා......
අද මං ගොඩක් ලියලා නේද........ මොනා කරන්නද ඉතින් මේ වෙච්ච දේවල් කටක් ඇරලා වෙන කෙනෙක්ට කියන්න පුලුවන්ද.......
එහෙනම් ඉතින් අදට ඇති.......
ගුඩ් බායි.......
ආයෙම හෙට එන්නම්..........__________________________________________________
Hope you guys enjoy......
Special thanks to _Lan_kimra
YOU ARE READING
Dear diary
Short StoryTo My Lovely Diary....... Started - 2023/02/20 End - 2023/02/21