01.Chapter

124 21 2
                                    

Jungkook p.o.v

මම ජන්කුක්..

ඉස්කෝලෙ 1 වසර පුංචි බබාලට උගන්වන ගුරැවරයෙක්..

මම හැමදාම ඉස්කෝලෙට 7.00 වෙනකොට ගිහින් ඉන්නවා

ඒ මගෙ එක පුරැද්දක්

මම හැමදාම ඉස්කෝලෙට යන්නෙ පයින්

මම හරි ආසයි උදේට පයින් ඉස්කෝලෙ යන්න

ඒ වගේම දවල්ට තනියම එන්නත්..

අද ටිකක් පරක්කු වෙලා..

උදේ ඇහැරැනෙ නැ..

මොකද ඊයෙ නිදාගන්න යනකොට රෑ 11 පහු වෙලා..

මම හැමදාම නිදාගන්නෙ රෑ 8ට

මොකද මට කරන්න වැඩ නෑ

ඊයෙ ඉස්කෝලෙ 10 වසරෙ සිංහල පේපර් වගයක් මිස් ලියා දුන්නා බලලා දෙන්න පුලුවන් ද කියල අහලා..

ඉතිම් බෑ කියන්න බැරි නිසා මම හා කිව්වා..

ඒව බලලා ඉවර කරද්දී 11 පහුවෙලා

මම දැන් ඉන්නෙ මගෙ ගෙදරට යන්න හැරෙන පාරෙ...

මෙතන ලොකු වංගුවක් තියෙන්නෙ..එහා පැත්තෙන් එන වාහන පේන්නෙ නැති තරම් .

" මෙතන අද වතුර බටේ කැඩිලානේ..පාර ගන්න දෙයක් නෑ.."

ආහ් වතුර බටේ අදත් කඩලද..

හැමදාම කියනවා ඕක වල දාන්න කියලා..ඒත් කව්රුත් කරන්නැ

Jungkook p.o.v end

ජන්කුක් වංගුව හැරෙනකොටම කාර් එකක් කෙලගෙන ඇවිත් ජන්කුක් ඉස්සරහින් නැවැත්තුවා..

ජන්කුක් ඒකෙන් ගොඩක් බය උනා..

එයා අතේ තිබුන බෑග් එක බිමට අත ඇරලා හයියෙන් එයාගෙ කන්දෙක වහගත්තෙ එයාව හැප්පුනා තමයි කියලා...

ජන්කුක්ගෙ අතෙ තිබුන ෆයිල් එකෙන් පේපර්ස් ටික බිම සී සීකඩ විසිවෙලා..ජන්කුක්ගෙ කෑම එක පාරෙ හැම තැනම..

ජන්කුක් තවම ඇස් වහගෙන කන් දෙකත් අතින් වහගෙන..

අර වේගෙන් ආපු කාර් එක ජන්කුක් ඉන්න තැනට අඩි දෙකක දුරකින් බේ‍්‍රක් ගැහලා...

කාර් එකෙ ආපු කෙනා කලබලෙන් කාර් එකෙන් බැහැලා ජන්කුක් ඉන්න තැනට ඇවිත් ජන්කුක්ගෙ උරහිස් වලින් පරිස්සමට අල්ලගෙන,

" ඔයා හොදින්ද "

කියලා ඇහුවා...

එතකොට තමයි ජන්කුක් ඒ ගැඹුරැ කටහඩට එයාගෙ ඇස් ඇරලා බැළුවෙ..

එයාගෙ ඉස්සරහ හිටගෙන හිටියෙ එයාට වඩා ගොඩක් උස මහත මනුස්සයෙක්..

" හේයි..ස්වීටි...ඔයා හොදින් නේද"

ආගන්තුකයගෙ කටහඩට යලි සිහියට ආව ජන්කුක් ඉක්මනින් බිමට නැමිලා බිම විසිරැන පේපර්ස් ටික එකතු කරන්න ගත්තෙ,

" මම හොදින් "

කියන ගමන්මයි..

" ඉන්න මමත් උදව් කරන්නම් "

අර ආගන්තුකයත් බිමට නැවිලා ජන්කුක්ගෙ වැඩේට උදව් උනා...

" මට සමාවෙන්න..මම ඔයා එනවා දැක්කෙ නැ..අනිත් එක මට අද කම්පැනි එකට යන්න හොදටම ලේට් වෙලා."

" අහ් අනී ඒකට කමක් නෑ"

" ආශ් ඉන්න..ඔයාගෙ කෑම පෙට්ටිය..ඒකෙ කෑම සේරම හැලිලනෙ"

ආගන්තුකයා පෙන්නුවෙ පාර පුරා විසිවෙලා තියෙන කෑම ටික පෙන්නලා..හැබැයි ඒක දැකලා ජන්කුකීගෙ තොල් උල් උනා...ඕක ආගන්තුකයා දැක්කා..

එයාට ටිකක් අව්ල් වගෙ..ඒ නිසා

" මට විනාඩියක් දෙන්න "

කියලා එයා එයාගෙ කාර් එක ලගට ගිහින් කාර් එකේ දොර ඇරලා ඒකෙ තිබුන ​පාර්සලයක් අතට අරගෙන ජන්කුක් දිහා බලලා හිනා උනා..

" ඔයා මේ කෑම එක අරගෙන යන්න...මගෙ අතින් ඔයාගෙ කෑම එක බිම හැලුනනෙ...ඒකට සමාවෙන්න "

ආගන්තුකයා ඒ පාර්සල් එක ජන්කුක්ගෙ අත උඩින් තියන ගමන් කිව්වා..

" කමක් නෑ මට ඉස්කෝලෙ කැන්ටින් එකෙන් කෑම ගන්න පුලුවන් "

" කමක් නෑ ඔයා මේක අරගන්න...එහෙනම් පරිස්සමෙන් යන්න...මම දැන් යන්න ඕනෙ..."

" හරි..ඔයත් පරිස්සමෙන් යන්න"

අවසානෙ දෙන්න එතනින් පිටත් උනා...


















ඒ තමයි ඔවුන්ගෙ පලමු හමුවීම...


Hii
kohomada
onna 1 chapter eka dunna

bye


💚💜

Kim Haneul~🖤



𝐌𝐲 𝐇𝐚𝐧𝐝𝐬𝐨𝐦𝐞 𝐎𝐰𝐧𝐞𝐫 Where stories live. Discover now