Taehyung p.o.vඅද මට ඔෆිස් යන්න හොදටම පරක්කු වෙලා..මොකද ඊයෙ ඔෆිස් එකෙන් ගෙදර ආවෙ පාන්දර 2ට..
මම ඉක්මනින් ලැහැස්ති වෙලා කා එකට ආවෙ පුලුවන් ඉක්මනින් ඔෆිස් එකට යන්න හිතාගෙන..
මගෙ කම්පැනි එක තියෙන්නෙ සෝල් ටව්න් එකේමයි..
එතකොට මගෙ ගෙදර තියෙන්නෙ ඩේගු වල පුංචි ගමක..
මම කා එකත් වේගෙන් ඩ්‍රයිව් කරන ආවා...ඒත් මට කා එක ස්ලෝව් කරන්න උනේ අපෙ ගමේ තියෙන ලොකුම වංගුව ගාවට ආවම..
කොච්චර ලොකු වංගුවක්ද කිව්වොත් එපා පැත්තෙන් එන වාහනේ පේන්නෙ නැති තරම්..
පාර හරියට කාපට් කරලත් නෑ නිකම් වැලි පොලව විතරයි..
වහින දවසකටනම් මෙතනින් යන්න නම් හිතන්නවත් බෑ..මොකද මඩ ගොඩයි..
ඉතිම් මට හදිසි නිසාම මම ටිකක් වේගෙන් තමයි ඩ්‍රයිව් කලෙ..මම වංගුව හරවන කොටම දැක්ක දෙයින් මම ටිකක් බය උනා කියල නොකිවොත් ඒක වැරදී..
ලස්සන චූටි බෝයි කෙනෙක් ඉස්සරහා..
ඉතිම් මම ඉක්මනට කා එක බ්‍රේක් කලෙ අර බෝයිව හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි..
හැබැයි ඒකෙන් එයා ගොඩක් බය උනා...මම ඒක හොදටම දැක්කා..
එයා අතෙ තියෙන බඩුත් අතඇරලා අත් දෙකෙන්ම කන් වහගෙන බිමට පහත්වෙලා ඉන්නවා ..
අතෙ තිබුන ෆයිල් එක බිම..ඒකෙ තිබුන කොල ගොඩක් සී සීකඩ ව විසිරිලා ගිහින්..
ආශ් එයාගෙ කෑම එක...ඒක පාරෙ බිම හැලිලා...
බත් එක්ක පරිප්පුයි කරවල තෙල්දාලයි බිත්තරයක්..ශික් මගෙ හදිස්සිය නිසා එයාට තවපොඩ්ඩෙන් කරදරයක් වෙනවා...
මම ඉක්මනින් එයා ලගට ගිහින් කතා කලා...
🐯 ඔයාට හොදින් නේද
මම ඇහුවම එයා ඔළුව උස්සලා මගෙ දිහා බැලුවා.ඒත් සද්දයක් නෑ..
🐯 හේයි ස්වීටි ඔයා හොදින් නේද..
ඒ පාර එයා කතා කලා..
" මම හොදින්"
ආව්ස් ඒ කටහඩ..ලස්සනයි..
ආහ් ටේයා ඕව හිතන වෙලාවක්ද මේ.
එයා එහෙම කියලා බිම විසිරිලා තියෙන දේවල් එකතු කරනවා..
🐯 ඉන්න මමත් උදව් කරන්නම්
කියලා මමත් බිමට නැමිලා එයාට ඒව ඇහිදලා දුන්නා..
🐯 අහ් අනෙ මට සමාවෙන්න..ඔයාගෙ.කෑම එක හැලිලා..
ඇත්තටම මම ඒක කිව්වෙ ගොඩක් දුකින්..එයාගෙ කෑම එකත් එයාට නැති වෙලා ඒකෙන්..
" අහ් අනි ඒකට කමක් නෑ "
එයා හිනා වෙලා කිව්වා..
🐯 මට විනාඩියක් දෙන්න..
ඒත් මට මතක් උන දෙයක් නිසා ඉක්මනට කාර් එක ලගට දුවලා ගිහින් ඒකෙ මම ඔෆිස් ගෙනියන්න හදාගත්ත කෑම එක අරගෙන අර ලස්සන බෝයි ලගට ගිහින් ඒක දික් කලා..
🐯 ඔයාගෙ කෑම එක හැලුනනෙ..මේක ගන්න..
මම කිව්වත් එයා ගත්තෙ නෑ..
" අහ් කමක් නෑ මට ඉස්කෝලෙ කැන්ටින් එකෙන් කෑම එකක් ගන්න පුලුවන්"
හහ්..ඉස්කෝලෙ මෙයා ඉස්කෝලෙ යනවද තවම..
🐯 කමක් නෑ මේක ඔයා අරගන්න..
මම මේ පාර කිව්වම එයා ලාවට හිනාවෙලා ඒක ගත්තා..මට ඉතිම් ටිකක් සතුටුයි..
🐯 මට සමාවෙන්න..ඔයාව බය කලානම්.දැන් පරිස්සමෙන් යන්න...මට ඔෆිස් එකට යන්න ලේට් වෙනවා
" ඔයත් පරිස්සමෙන් යන්න "
එයා මට කිව්වම මම හිනා වෙලා එයාගෙන් සමු අරගෙන කා එකට නැගලා එතනින් ආවා..
මම එද්දි එයා දිහා හොදට බලාගෙනයි ආවේ..
මම එනකොට එයා මට හිනා වෙලා එයාගෙ.කළු පාට කලිසමේ දූවිල්ල පිහදැම්මා..
මමත් එයාට ලාවට හිනාවක් දාගෙන ඔෆිස් එකට යන්න පිටත් උනා..
මට ඔයාව ආයි ඉක්මනින් හමුවෙනවනම්...
මගෙ හිත එහෙම කිව්වා...
මම ඔෆිස් එකට එනකම්ම ඒ බෝයි ගැන කල්පනා කරන ගමන් ආවේ...
💜💚
Kim Haneul~🖤