"ඔන්න එහෙනම් මිස්ටර් කිම් කසාදේ තීන්දුයි !! "
ඉදගෙන උන්නු සෝපා එකෙන් නැගිටලා හිනාවෙච්චි මිස්ටර් ජොන් එහෙම කියල මිස්ටර් කිම්ට අත දික්කරනකොට මිස්ටර් කිමුත් නැගිටලා හිනාවෙලාම ජොන්ට අත දුන්නා..
"දැන් මොකටද ජොන් මිස්ටර් කෑලි !
ඔයත් දැන් අපේ පවුලෙම කොටසක්නේ..."
අතට අත දුන්නට පස්සේ එක අතක් ජොන්ගේ උරහිසින් තියාගන්න ගමන් කිම් එහෙම කිව්වා.."ඒකත් ඇත්තනේ !!
ඒ ඉතින් අපේ ජින් පුතයි , සෝයු දුවයි හින්දනේ !"
හිනාවකින් මූන පුරවන් එකලග වාඩිවෙලා ඉන්න ජින් වගේම සෝයු දිහා බලපු ජොන් එහෙම කිව්වේ හිනාවෙවී .._________________________________________
ජන්ගුක් !!
ජන්ගුක් !!පුතා ,
අප්පා කතාකරනවා ඇහෙන්නේ නැද්ද !සාලේ සෝෆා එක උඩ ඉදගෙන
හෙඩ්සෙට් දෙකෙන් කන් දෙක ආවරනය කරගෙනම තමන්ගේ උකුල උඩ තියෙන ලැප් එකෙන් බිස්නස් මීටින් එකක හිටපු ජන්ගුක්ගේ උරහිසට තට්ටුවක් දානගමන් ජන්ගුක්ගේ ඔම්මා එහෙම කිව්වේ දෙතුන් පාරක් ජන්ගුක්ගේ අප්පා කතාකරත් කොල්ලට ඇහුනේ නැති නිසා..."ඕඕඕ!!
ඔම්මා ඇයි කතාකරේ !!"හෙඩ්සෙට් දෙක චුට්ටක් කනින් පන්නපු ජන්ගුක් එහෙම අහනකොට කොල්ලගේ අම්මා ඇස් කොනින් පෙන්නුවේ මෙච්චර වෙලාවක් තිස්සේ සෝෆා එකේ පැත්තක ඉදගෙන හිටිය ජන්ගුක්ගේ අප්පාව..
අප්පා තමන් දිහාවට දාගෙන ඉන්න බැල්මෙන්ම කතාකරන්න ලොකු දෙයක් තියෙන බව තේරුන් ගත්ත ජන්ගුක් විනාඩි දහයකට ජොයින් වෙලා හිටපු මීටින්ග් එක කල්දැම්මා..."කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න අප්පා !!
මං විනාඩි දහයක් දෙන්නම්!!"තමන්ගේ අතේ බැදුනු අත් ඔරලෝසුව දිහා බලපු ජන්ගුක් එහෙම කියනකොට ජොන් මූන අදුරුකරගත්තේ නුරුස්සන බැල්මකුත් ජන්ගුක්ට යොමුකරන ගමන් ..
"ජන්ගුක් !!
මට කියනවා බලන්න ඉස්සරහට තමුන් මොනවා කරන්නද හිතන් ඉන්නේ කියල ""විශේෂයක් නෑ අප්පා !!
මගේ කම්පැනි එකේ වැඩ කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා "
කකුලක් පිට කකුලක් දාගත්තු ජන්ගුක් එහෙම කිව්වේ ආයෙත් අත් ඔරලෝසුව දිහා බලන ගමන් ..