05.

2.1K 332 18
                                    

ජන්ගුක්ගෙත් සෝහූගෙත් ආරාධනාව මැද කෑම මේසෙට ඉදගත්තු කට්ටිය කෑම දිහා බලල පුදුම උනේ එක එක්කෙනා කැමතිම කෑම එකක්වත් අඩුමයෙන් ඒ මේසේ උඩ තිබුනු නිසා ..
පුටු දහසයක් තියන තරමටම දිගු උනු කෑම මේසය සම්පූර්නයෙන්ම කෑම වලින් වැහිලා ගිහින් තිබුනා !!

"සෝහූ දුව තනියමද මේ කෑම සේරම හැදුවේ !"

ජන්ගුක්ගේ අප්පා සෝහූගෙන් එහෙම අහද්දි කෑම මේසේ ලග හිටන් හිටිය සෝහූ ඔව් කියන්න ඔලුව උඩ පහල වැනුවේ කෑම මේසේ එහා කෙලවරේ වාඩිවෙලා හිටිය ජන්ගුක් දිහාත් හොරෙන් බලන ගමන් !

"කොහොමත් වයිෆ් කෙනෙක් උනාම ඔය දේවල් තනියම කරගන්න පුලුවන් වෙන්න ඕනේ !!"

"ජොබ් එකකුත් නොකර ගෙදර නිකන් ඉන්න එකනේ කොහොමත් !"

මුලින්ම ජන්ගුක්ගේ ඔම්මා එහෙම කියද්දි හැල්මොනිත් ඒකට හූමිටි තියන්න උනා.

"ඔව් ආන්ටි !!
කොච්චර කීවත් ඉගෙන ගන්න වුවමනාවක් තිබ්බෙම නෑනේ මෙයාට !!
ඒකට බලන්නකෝ අපේ සෝයූ දුව හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරන හැටි !!
ඒ ලමයා අපිට ආඩම්බරයක් !!"

සෝහූගේ අම්මත් ඒකටම එකතු උනේ කෑම මේසේ වාඩිවෙලා සොක්ජින්ගේ අතේ අත පටලවන් ඉන්න සෝයූ දිහා බලන ගමන් ..

"ඔය ඉතින් , ඉගෙන ගන්න වුවමනාවක් නොතිබ්බ කමමත් නෙමේ ඉගෙනගන්න බැරිකම !!
වෙලාවකට මට
මේ සෝයූගේ නිවුන් සහෝදරීද කියල සැකයි !!"
සෝහුගේ අප්පා එහෙම කිව්වේ සෝහූ දිහාම බලාගෙන..

"ඒ අතින් අපේ සොක්ජින් හරි වාසනාවන්තයි !!
හරි සිරියාවන්ත කෙල්ලෙක්නේ හම්බ වුනේ !!"
ජන්ගුක්ගේ හැල්මොනිත් එහෙම කිව්වේ
නෝක්කාඩු හිනාවක් සෝහූට පානගමන් ..
එයාලගේ කතාව නිකන් සෝහූ ජන්ගුක්ගේ ඇගේ බලෙන් එල්ලිලා වගේ !!

එයාලා සෝහූව පාරන්න පුලුවන් හොදම විදියට පාරන ගමන් ඒ අහින්සකීගේ අත් දෙකෙන් මහන්සියෙන් හදපු කෑම කන්න පටන් ගත්තේ කෑම මේසේ ඉදගෙනම මේ කියන දේවල් ඉස්සරහ වෙනස් වෙන සෝහූගේ මූන දිහා ජන්ගුක් හොදට බලන් ඉන්නකොට !!

ඔය අතරේ ආව සොක්ජින්ගේ යාලුවොත් හිනාවෙවී කතාකර කර කෑම කන්න පටන් අරන් තිබුනා !!

JEON'S WIFE / JJK / CompletedWhere stories live. Discover now