chapter 38

25 5 10
                                    

Paris love 🥀🥀

ටේහියුන් හිටියෙ හිනා වෙලාද දුකින් ද කියලා අහන්න කාටවත් ඕන වුනේ නෑ.. ජන්කුක්ටත් එහෙමයි තමයි ..
හැමෝගෙම සද්ද බද්ද අඩු වෙද්දි ජන්කුක් වගේම අනිත් අයත් පිටි පස්ස හැරිලා බැලුවා..
ටේහියුන් එයාගේ අප්පගෙ අතේ එල්ලිලා අල්තාරය ගාවට ඇවිදන් එනවා ..
ජන්කුක්ගෙ ඇස් වලට කදුළු ආවා ..
මොකද ජන්කුක් දෙතුන් පාරක් දැක්කෙ ඒ ජිමින් කියලා ..

" ජන්කුක් තාමත් වෙලා තියේ ..

ජුන් ජන්කුක් ලගින් ඉදන් කියන්නෙ මේක නවත්තන්න කියලා .. නැවැත්තුවා කියලා එයාට එයාගේ ජිමින් හම්බෙනවනම් එයා මේක නවත්තලා ගොඩක් වෙලා ..
ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ...
අඩුම ගානේ තමන් දුක් වුනත් තමන්ගෙ ඔම්මා අප්පා දෙන්නවත් තව ටික කාලයක් සතුටින් ඉදී ..
ජන්කුක් හිතුවෙ එහෙම ..

" හියුන් හැමදේම පිලිවෙලට තියේද කියලා තව පාරක් බලන්න .. මොනවගෙවත් අඩු පාඩුවක් වෙන්න තියන්න එපා..

ජන්කුක් එහෙම කියලා ආයේ ටේහියුන් එන පැත්තට හැරුනා..
ඇත්තටම ටේ වුනත් අද හරිම ලස්සනයි .. කඩවසම් බවේ අඩුවක් නෑ ..
ඒත් හිතේ ඉන්න කෙනා නැතුව වෙන දාහක් දෙනෙක් ගෙනත් දුන්නත් වැඩක් නෑ කියලා කතාවක් තියේනේ ..
ටේහියුන්ගෙ අප්පා ටේව එක්කන් ඇවිත් ටේගේ අත ජන්කුක්ගෙ අත උඩින් තිබ්බා ..

_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_

යුන්ගිගෙ අප්පා එක්ක ජිමින් රතුපාට ලස්සන පලස උඩින් ඇවිදන් එන ගමන් ඉන්නෙ ..යුන්ගි කවදාවත් නැතිව ලස්සන හිනාවකින් ඒ දිහා බලාගෙන ඉන්නවා ..හදිසියෙ වුනත් මේ වෙන විවාහය එයාට කිසිම ප්‍රශ්නයක් නෑ..
ඒ අතරෙ බිම බලාගෙන එන ජිමින්ට මිනිස්සු කතා වෙන දේවල් ටික ටික ඇහුනා ..

" එයා ලස්සනයි නේද..??

" වාව් ගර්ල් කෙනෙක්ටත් වඩා  එයා ලස්සනයි

" ලස්සන කන්නද අනේ එයාට කලින් කසාදයක් තියේලු ..

" ඔව් එයාට බබෙකුත් ඉන්නවාලු ..

" ඒත් එයාලා ගොඩක් හොදට මැචින් ..

මේ වගේ විකාර කතා මැද්දෙ ජිමින් ස්ටේජ් එක ගාවට ආවා .. ස්ටේජ් එක ගාවදී යුන්ගි ජිමින්ගෙ අතින් අල්ලලා ජිමින්ව තමන්ගෙ ලගට ගත්තා ..

Paris Love Where stories live. Discover now