Next day morning ... 🌄
පහුවදා උදේම ටේහ්යොන් චර්ච් යන්න ලෑස්ති උනා . වික්ටෝරියා හදලා දුන්නු ස්ටෝබෙරි මිල්කි එකක් බිබී ටේහ්යොන් සෝෆා එකේ ඉදන් කාත් එක්කදෝ ෆෝන් එකෙන් ලොකු කතාවක . ඒ අස්සේ ටැනිත් ටේහ්යොන් ගේ සපත්තුවේ කොනක් හප හප සෙල්ලම .
තාමත් පැයකට කිට්ටු උනත් ජංකුක් නම් රෙඩි වෙලා තිබුනු පාටක් පේන්න වත් තිබුනේ නෑ . ටේහ්යොන් කෝල් එකේ ඉන්න අතරෙම සෙකන්ඩ් ෆ්ලෝ එකට ඇස් යැව්වේ ජංකුක් එනවද කියලා බලන ගමන් .
දන්නෙම නැතුව කෝල් එක එන්ඩ් උනත් ජංකුක් නම් නෑ . ටේහ්යොන් ඉතිම් බැරිම තැන සෝෆා එකෙන් නැගිට්ටේ තවත් බලන් හිටියොත් මාස් එක මිස් වෙන නිසා . පහල ඉදන්ම ටේහ්යොන් ජංකුක් ට කතා කරනවත් එක්කම ජංකුක් කලබලයෙන් ම පහලට දුවගෙන ආවා
" ඔහ් ඇති යාන්තම් දැන් හරි ආවා . මොනවද මෙච්චර වෙලා කලේ ? ඇදුමක් අදින්න මේ තරම් වෙලාවක් ඕනේ නෑනේ "
ටේහ්යොන් තමන්ගේ අත් දෙක හරහට බැදගෙන ජංකුක් ගෙන් ඇහුවා
" මට ඇදුමක් තෝර ගන්න ටිකක් වෙලා ගියා"
" ජංකුක් මොකක්ද මේකේ තේරුම ඔයා පොඩි ලමයෙක් නෙමේනේ . අනික කවුද තමන් උදේ ගමනක් යනවා නම් ඇදුම් ඒ වෙලාවට ලෑස්ති කරන්නේ ? අඩුම ගානේ අපි ඇදුම කලින් දවසේ රෑ වත් හොයලා තියන්න ඕනේ "
" අයිගූ හියුන් මේ ෆස්ට් ටයිම් මම පරක්කු උනු නැත්තම් මම හැමදාම මගේ ඇදුනුත් රෙඩී කර ගෙන මාත් රෙඩී වෙන්නේ ඒ වෙලාවට "
" ඒත් ජංකුක් ඕඩර් එකට වැඩ කරන්නයි වෙලාවට වැඩ කරන්නයි ඉගෙන් ගන්න ඕනේ මොකද මම ආස නෑ හැමදේම අච්චාරුවක් කර ගන්නවට ඕකේ ? "
" ඕකේ ඕකේ ! නෙක්ස් ටයිම් මෙහෙම වෙන්නේ නෑ "
" ම්ම් ඒක හොදයි .. දැන් ගිහින් ඔයාගේ මිල්කි එක බීලා එන්නකෝ "
" ඔම්මා බනානා මිල්කි එක මට කලින් රූම් එකටම ගෙනල්ලා දුන්නු නිසා මම ඒක බිව්වා"
" ඔහ් එහෙනම් සේරම හරිනේ "
" ඔව් "
" ගුඩ් එහෙනම් අපි යමු "
YOU ARE READING
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒 || 𝐓𝐊 ✔✔
Romance" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්රයි කරලා බලන්නකෝ " ______________________________________________ " ඇත්තටම එයා ගොඩක් බෝරින් කෙනෙක් කිසිම ෆන් එකක් නෑ " ______________________________...