නිව් හැම්ප්ශයර් වලට උදාවී තිබුනු තවත් දවසක් සමාප්ත වන්නට යන බව හගවමින් හැම්ප්ශයර් මුහුදු තීරය කොනකින් හිරු බැස යන්නට පටන් ගත්තේ මුලු නගරයම රත් පැහැ ගන්වමින්.තමන්ගේ කලු පැහැති බෙන්ස් රථය පාරේ අයිනකට කර නැවැත්වූ ජොන් ජන්ග්කුක් වාහනයේ දොර වසාදමා මුහුදු තීරය දෙසට පියනගන්නට උනේ මුහුද දෙසින් හමාඑන නැවුම් සුලගින් තමන්ගේ දිනයේ විඩාවන් නිවාගන්නා අදහසින්.
වැල්ලේ ගල්කුලක වාඩි උනු ඔහු ඔහුගේ අත් දෙක මත ඔහුගේ රිදුම් දෙන හිස තබාගත්තේ ඔහුගේ ඔලුවේ පිරී තිබූ ඉමක් කොනක් නොමැති ගැටලු වලට පිලිතුරු සොයන අටියෙන් උනත් ඔහුට ඒ පිලිබදව කිසිදු අදහසක් තිබුනේ නැහැ.මිනිස්සුන්ගේ ගැටලු ජීවන වෘත්තීය වූ ජොන් ජන්ග්කුක් දැනට නිව් හැම්ප්ශයරයේ සිටිය දක්ශතම නීතිඥයා වූවේ ඔහුගේම දක්ශකම නිසා.ඉතාම කෙටි කාලයකින් නිව් හැම්ප්ශයර්යේ සිටි පරිණත නීතිඥයන්වත් පසු කරන්නට ජන්ග්කුක් හට හැකිඋනේ ඔහුගේ ඇති තාර්කික බුද්දියට සම කරන්නට මේ පලාතේ කිසිවෙකුත් නොමැති නිසා.
උඩු කබාය ගලවා තමන්ගේ උකුල මත රැදවූ ඔහු ඔහුගේ ටයි පටිය ගෙලින් මදක් ලිහිල් කලේ විඩාව නිවාගන්න උනත් ඔහුගේ වම් පසින් ඔහුට පෙනුනේ ඔහු සිටින පැත්තට ඇවිද එන තරුනයෙක්.
ඔහු කොතනින් ආවාද යන්න ජන්ග්කුක් ට කිසිම අදහසක් නොවුනේ ඔහු ලගටම එනතුරු ඔහුව නොදුටු නිසා.ඔහුගේ නිරුවත් දෙපය වැල්ලේ ගැටෙන අයුරු ජන්ග්කුක් බලාසිටියා.මුහුදු සුලං වලට එහා මෙහා යන ඔහුගේ අකීකරු කැරලි කොන්ඩය ඔහුගේ නලල මත පතිත වී තිබුනේ ඔහුගේ මුහුනට අමුතු ආකර්ශනයක් එකතු කරමින් .ඔහුගේ කලු පැහැති කලිසම මෙන්ම එක් කරක් පහත් වී බොත්තම් දෙකක් ගැලවී තිබූ සුදු පැහැති කමිසයද දෙස ජන්ග්කුක් ඇස්පිල්ලමක් වත් ගහන්නේ නැතුව බලාසිටියේ ඔහු දෙව්ලොවින් ආවද යන්න සැකහැර දැනගැනීමට වගේ.
එක්වරම ජන්ග්කුක් ඔහුගේ පියවි සිහියට පැමිනියේ ඒ තරුනයගේ දුර්ලභ සිනහව දැකීමෙන්.ඒ හිනාව තරම් ලස්සන හිනාවක් ජන්ග්කුක් ඔහුගේ ජීවත් වූ අවුරුදු විසිහයටම දැක තිබුනේ නැහැ.
YOU ARE READING
𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙞𝙚𝙨 𝙘𝙤𝙡𝙡𝙚𝙘𝙩𝙞𝙤𝙣 || 𝙏𝙖𝙚𝙠𝙤𝙤𝙠 ||
FanfictionDifferent short stories from different genres.You can request plots if you like. . . . . Enjoy!