𝙉𝙚𝙬 𝙝𝙖𝙢𝙥𝙨𝙝𝙞𝙧𝙚'𝙨 𝙩𝙧𝙖𝙜𝙚𝙙𝙮 (part 2)

99 30 12
                                    

දෙමව්පියන් දෙදෙනෙක් තමන්ගේ දරුවාගේ අතුරුදහන් වීම සහා ඔහුව මරාදමා ඇති බවට ඔහුගේ දරුවාගේම ස්වාමිපුරුෂයා වූ පාර්ක් බෝගම් හට දමා තිබූ නඩුවෙහි උසාවි දිනයත් එසේ උදා වෙද්දී ජොන් ජන්ග්කුක්ට නම් නින්ද අහලකවත් තිබ්බේ නෑ.තමන්ගේ ජීවන වෘත්තියේදී කිසිම නඩුවක් පරාද නොවූ ඔහුට මේ නඩුවත් කෙසේ හෝ දිනන්නට උවමනා උනත් ඔහුට ඉදිරිපත් කිරීමට බලවත් සාක්ශී හෝ තර්ක කිරීමට තරම් ප්‍රබල කරුනු එකක්වත් ඔහුගේ සටහන් වලින් හොයාගන්නට බැරි උනේ මධ්‍යම රාත්‍රීයත් පසු උන පසුවයි.

මද්‍යම රාත්‍රී දොලහේ කනිසම නාද වී ටික වෙලාවක් යනතුරුම ජන්ග්කුක් තමන්ගේ උපරිම අවදානය නඩු කරුනු වලට ලබාදුන්නේ එක්වරම නිවසේ සීනුව මහ හඩින් නාද වෙනකොට.

මේසය මත නිදිබරව සිටි ජන්ග්කුක් කලබලෙන් නැගිට්ටේ තමන්ට මේ වෙලාවේ අමුත්තෙකු කිසිසේත්ම බලාපොරොත්තු නොවුනද ,තමන්ගේ රැකියාවේ ස්වරූපය අනුව ඔහු දොර අරින්නට හිතහදාගත්තේ දොරෙන් මෙහා පැත්තේ ඔහුගේ අමුත්තව දැකීමෙන් ඔහු විමතියටත් හිත කොනකින් සතුටත් නැගීගෙන එද්දී.

"ටේ.."

ජන්ග්කුක් මුලු දොරම සම්පූර්ණයෙන් විවර කරමින් පැවසුවේ ඔහුගේ අමුත්තාට ගෙදර ඇතුලට එන ලෙස අතින් සන් කරමින්.

මදක් කලබල වූ එදාටත් වඩා සුදුමැලි වූ මුහුන මෙන්ම අවුල් වූ හිසකෙස් ද ඔහුට ලබාදුන්නේ අමුතුම සුන්දරත්වයක්.ජන්ග්කුක් එදා වගේම ඒ ලස්සන දිහා වශී වෙලා වගේ බලන් හිටියත් ටේ වෙනදාට වඩා කලබල ස්වබාවයක් පෙන්නුව නිසා ජන්ග්කුක් බෝතලෙන් උනු කෝපි එකක් ගෙනත් දුන්නේ හිතේ ප්‍රශ්න ගැටලු රාශියක් සක්මන් කරද්දී.

"ටේ ඇයි මෙහේ?..කොහොමද මම ඉන්නේ මෙහේ කියලා හොයගත්තේ?...ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?...."

ජන්ග්කුක් එක්වරම ඔහුගේ හිතට නැගුනු ප්‍රශ්න සියල්ලම එක්වරම අහගෙන ගියේ ටේ ගේ මුහුන දෙස බලමින්.

"මට ලොකු උදව්වක් ඕනේ ජන්ග්කුක්..."

එක්වරම ජන්ග්කුක් දෑතම තමන්ගේ අත් අතරට අරන් ඔහු කියද්දී ඔහුගේ ඇස් වලින් කදුලු බිදු පහලට අදගෙන වැටුනේ ජන්ග්කුක් වත් කලබල කරමින්.

𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙞𝙚𝙨 𝙘𝙤𝙡𝙡𝙚𝙘𝙩𝙞𝙤𝙣  || 𝙏𝙖𝙚𝙠𝙤𝙤𝙠 ||Where stories live. Discover now