02.

22 4 34
                                    

Location - south Korea
Mr.Kim Taehyung bungalow - seoul
Morning

(Soud of Alarm)

ලක්සරි රූම් එකක ඇතුලතින් ඇහෙන්න ගත්තේ මෘදු එලාම් ඔරලෝසුවක ශබ්දයක්.ඒත් සමගම එම කාමරයේ ඇද මත නිදා සිටි අයෙකුගේ නහර ඉලිප්පි ඇති දිගු ඇගිලි සහිත ශක්තිමත් හස්තයක් නද දෙමින් තිබූ එලාම් ඔරලෝසුව නවත්වන අටියෙන් ඒ මතට පතිත විය.ඉන් පසු ඇසුණේ එම පුද්ගලයා ඇඟ මැලි කඩන ශබ්දයයි.

"උදේ උනා? මට දැනෙන්නේ දැන් ටිකකට කලින් නිදා ගත්තා වගේ,හ්ආ....ඊයේ දවස කිම් තේයොන් ,මිස්ටර් ලොලිපොප් කියන දෙන්නගෙම එනජි එක වැය වෙච්ච දවසක්.හ්ම්...." ඊයේ දවසේ සිදු වූ සිදු වූ සිදු වීම මතක් වී නිතැතින්ම කිම් තේයොන් ගේ මුවග තෘප්තිමත් සිහිනහවක් මැවෙන්නට විය."විචෙන් මිසෙල්zඔ...මාර මිනිහෙක් තමයි.මගේ මාෆියා ඉතිහාසය ඇතුලත හරිම ලේසියෙන් මරන්න පුලුවන් උනේ පොරව තමයි."නැවතත් ශබ්ද නගා සිනා සුනු ඔහු "ඇත්තටම හරිම ලේසි උනා,හාහාහා" යනුවෙන් මුමුනමින් නිතැතිම තමන්ගේ මතකයන් ඊයේ දිනයට රැගෙන ගියා.

(මෙතන ඉදන් ඉටැලික්ස් වලින් යන ඔක්කොම අතීත සීන්)

Location - Italy
Ground floor of a dilapidated building - Rome .
Night

ගරා වැටුණු මේම ස්ථානය මිස්ටර් ලොලිපොප් ගේ ඉතාලි වල තියෙන ලොලිපොප් ගේ උදහසට ලක් වුණු පිරිස විවිධාකාරයෙන් මරණයට පත් කරන තැනක්.මේ වගේ තැන් ලෝකේ පුරා හැම රටකම වගේ මිස්ටර් ලොලිපොප් වෙනුවෙන් වෙන් වෙලා තියනවා.අද රෑත් වෙනදා වගේම මරනයක් මෙතෙන සිද්ද වෙන්නයි යන්නේ.කහපාට විදුලි එලියක් තිබ්බ අඩ අඳුරු බිම් මහල පිරිසුය.බිම් මහල මැද පුටුවක අත් කකුල් ගැට ගැසුව මිනිහෙක් හිටියේ සිහි නැතිවයි.නමුත්,කලු ඇඳගත් පුද්ගලයෙකු පැමිණ පුටුවේ සිටි පුද්ගලයා නැහැවි යන අකාරයට වතුර ගැසීම හෙතුවෙන් එම පුදගලයා හිමින් දෙනෙත් විවර කරන්නට විය.ඒත් සමග එම පුදගලයාට අසන්න සහ දකින්න ලැබුණේ පොලොව මත ගැටෙන සපත්තු අඩි ශබ්දයක් සමග අඳුරු චායාවක් .එම අඳුරු චායාව හාත්පස විසිරි පැවති නිහඬතාව බිදිමින්,ඉතාමත් ගැඹුරු වූත් මෘදු වූත් කටහඩකින් කතා කරන්නට විය.

Metal Killer [Mr.Lollipop ] |Ongoing|Where stories live. Discover now