ලස්සනයි නම් කියලා මාත් දන්නවා හැබැයි.... එත් මොනාටද අරයා මාව මතක් කරන්නේ... හිත හිත යද්දි කෑම මේසේ වගේ ලොකු මේසයක් දැක්කේ හිතට සහනයකුත් දැනෙද්දි තියලා ඉක්මනට දුවන්න ඕනි....
"බොහ්හ්හ්...."
මන් බැග් එක තියලා හැරෙනකොටම පැන්න හොල්මන කවුද කියලා දැනග්ත්තෙ ඇස් දෙක ඇරුනට පස්සේ....
ශනුකි..... ඔයා මාව හොදටම බය කරා...
"සොරි ඩියර් මන් ජෝක් එකක් කරේ.... එන්න අපි යමු ඉස්සරහට"
ශනුකි මාවත් අතින් ඇදගෙන ගියේ බය වුන පාරටම හදවත තවත් ඩ්රම් ගහනවා වැඩි වෙද්දි...
"වීරසිංහ සර් අද මෙයාව මෙහෙ තියලා යන්න... "
තාත්ති එක පාරම බැලුවේ මූන ඇබුල් කරගෙන බෑ කියන මගේ මූන දිහා..
'ආ දුව... හෙට එකසෑම් නේ තව මොනවද බලා ගන්නත් තියනවා කිව්වා ඔය දැන් එක්කන් ආවෙත් බෑ කියද්දි බොහොම අමාරුවෙන්'
"පාඩම් කරන්න තමා සර් ඉන්න කිව්වේ.... ග්රැන්ඩ් පා ගෙන් දැන් ලෙසන් අහගන්න ඉන්නේ අපි..."අනික මට තව දේවල් සෙනූගෙන් අහන්න පුලුවන් සේනු මට කියලා දුන්න English ලෙසොන් එකෙන් මට පේපර් එකට ගොඩල් හෙල්ප් උනා"
අනෙහ්හ් මෙයා මොකාටද එන්නෙ මොන ඉන්ග්ලිශ් ලෙසන්ද ඔයා තමයි මට කියලා දුන්නේ දෙයියනේ...අනේ තාත්ති මට බෑ ඇයි අර කොල්ලා මදි වෙලාද මාවත් හවුල් කරගන්න යන්නේ
'සෙනූ දුව... මොකද කියන්නේ ශනූ දුව මෙච්චර කියන එකේ...'
ආම්... පොත් නැනෙ තාත්ති.. ශනූ මන් වෙන දවසක එන්නම්..
''මන් ලග තියනවා නෙහ්හ්.. අනේ ප්ලීස් සෙනූ... ලෙසන්ස් ටික ඉවර උනාම සර්ට කෝල් එකක් දෙන්නම් මන් සර් ඇවිත් එක්කන් යන්න සෙනූව...ප්ලීස් සර්..''
ශනූ ඩෝටර් කරදර කරන්න එපා ඒ දුවට වැඩ ඇති නේ..
එයා නිකන් පොඩි බබෙක් වගේ මගේ අත් අල්ලන් සැරින් සැරේ මගේ දිහා තාත්ති දිහා අම්මි දිහා බල බල ඉලව්වා.. දෙයියනේ මන් කොහොමද බෑ කියන්නේ...
අනේ නෑ ප්රින්සිපල් සර් මන් ඉන්නම්... තාත්ති මාව ගන්න එන්න එහෙනම් ..
YOU ARE READING
ආලේ මල්....♡||GL|
Romanceහේතුවක් නොමැතිව මගේ හදවත ඔබ පසුපස ලුහුබදින විට නිරහංකාර හදවතක් මාගේ ආත්මයට ආරාධනා කරාවිද!?