ඉවරයක් නැතුව කෑ ගගහ බඩු පොළොවෙ ගගහා එක අතකුත් තුවාල කරන් හිටපු Areum දැක්කම ජින් වගේම නැම්ජූන් ගිහින් එයාව සන්සුන් කරන්න ගත්තා. ඒ අතරෙ උමං දොරෙන් එළියට ආවෙ ටේහ්යුන්ග්.ටේ මොක්ද වුණේ කෝ ජිහ්යුක්?
__________________________________________________
පැනගත්තා.
Areum කිව්වෙ ජින්ගෙ ඇඟට වාරු වෙන ගමන්
හරි Areum ඌ දැන් පැනල යන්න ඇති ඒත් අපිට ඌව හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.
ටේහ්යුන්ග් කිව්වෙ ෆෝන් එක දිහා බලාගෙන
ඔප්පා..?
ජින්ගෙ ගාවින් ඈත්වුණු Areumගෙ හිතට නම් ආවෙ කුතුහලයක් විතරයි.
මේ මගේ ෆෝන් එක නෙවෙයි. බයේ දුවනකොට වැටුණ ජිහ්යුක්ගෙ ෆෝන් එක.
ටේ ෆෝන් එක යුන්ගිට දෙන ගමන් කිවුවම යුන්ගිට තවත් උපදෙස් ඕන වුණේ නෑ.
මන් ඒක බලා ගන්නම් දැන් අර ඇතුකෙ හිරවුණු උන්වත් අරන් අපි යමු.
යුන්ගි එහෙම කියල පෙරමුණ ගනිද්දි අනිත් අයත් ඒ පිටිපස්සෙන් ගමනට එකතු වුණා.
__________________________________________________
Areum Pov
මගේ කාමරේ බැල්කනියට පෙනුනෙ වළාකුලක්වත් නැති පැහැදිලි අහස. මට මේ අහස ගැන ඉරිසියා හිතුන කීවෙනි වතාවද කියල මටවත් මතක නෑ. ඒ වගේ මගේ හිතත් පැහැදිළි වුණා නම්.
උදේ ඉදලම මම හිටියෙ අවුලෙන්.
ඊයෙ දවස තාම මගේ ඔළුවෙ වැඩ කරනවා. එච්චර චාන්ස් එකක් ඇවිල්ලත් මට බැරි වුණා ජිමින්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න.ඔයානම් මහ දුර්වලයි Areum.
මම මටම හිතින් බැන ගන්නගමන් හිටිය නිසා ටේ ඔප්පා ළඟට එනවවත් මට දැනුනෙ නෑ.
Areum...?
මොකෝ මේ අහසයි පොළවයි ගැට ගහන්නද කල්පනාව.හිනාවෙන්ම ටේ ඔප්පා කියද්දි මට පුදුමත් හිතුනා. ඊයෙ එච්චර අතපසු වීමක් වෙලත් මෙයාල කවුරුත් හැසිරෙන්නෙ මොකුත් නොවුණ ගාණට. එයාලා කොහොමද එහෙම ඉන්නෙ.
YOU ARE READING
𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤 [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]
Fanfiction"මේ හැමදේම අහම්බයක් ද Areum....? ඔයා එහම හිතනවද...?" Taehyungගෙ කටහඬ එන්න එන්නම දරුණු වෙනවා. Taehyungගෙ ඇස් වලට ලේ පිරිලා ගිනියම් වෙලා. ඒ ඇස් Areum දිහාවට එක එල්ලේ යොමු වෙලා තිබුණා. " හරියට හරි Kim Taehyung! මන් එච්චර මෝඩ නෑ. මන් දැනන් හිටියා ඔයා මට...