_CHAPTER 15_

54 7 9
                                    

Areumට නොවැටී ඉන්න ටේහ්‍යුන්ග් ගෙ ශක්තිමත් දෑත් වගේම පුළුල් උරහිස ආදාරයක් වෙද්දි Areum වෙවුළන දෑත් එකට බැඳගෙන තමන්ගෙම සොයුරා වගේ වුණ ටේහ්‍යුන්ග්ට තුරුළු වුණේ ජන්කුක්ගෙ වාහනේ වේගෙට ඇවිස්සුණු දූවිලි වලින් ජන්කුක්ගෙ කාර් එක නොපෙනී ගියා වගේ තමන්ගෙ මුළු අනාගතයම බොඳ වුණා වගේ හැඟීමක් හිතට තදින්ම කා වැදෙද්දි.....

_________________________________________________



Taehyung pov


දැන් පැය තුනකටත් වැඩි වෙලාවක ඉඳන් එකම මනුස්සයට ගහලා Areum හිටියෙ හෙම්බත් වෙලා.

ගුටි කාලම ඒ මනුස්සයා මැරිලා ගිහින් වුණත් Areum නෙවෙයි වැඩේ අතෑරියෙ.දිගින් දිගටම මේ විදියට Areum මහන්සි වෙනවා බලන් ඉන්න බැරි නිසාම මම Areumවත් ඇදගෙන මෙන්ෂන් එකේ මිදුලට ආවෙ නිදහසේ කතා කරන්න හිතාගෙන. ඒත් Areum හිටියෙ කතා කරන්න තරම් හොඳ සිහියකින් නෙවෙයි කියන එක මට තේරුණේ එයා එතනත් පිස්සු නටන්න ගත්තම.

එලියෙ පූල් එක ගාවතිබුණ ටේබල්ස් වගේම චෙයාර්ස් සේරම අනිත්පැත්ත ගගහා පිස්සියක් වගේ කියවන්න ගත්තු Areumව මන් මගේ අත් අතරට හිර කර ගත්තම එයා මාව බදාගෙන අඬන්න ගත්තා.

ට්-ටේ ටේ ඔප්පා. ඔප්පා එයා- තව පොඩ්ඩෙන්- එයා මන් නිසා මැ- මැරෙණවා ඔප්පා.
තව ටිකක් එහෙ මෙහෙ වුණා නම්...?
ඔප්පා නා ඔත්තොකේ...........?
ඔප්පා. ඔප්

මගේ පපුවට තුරුළු වෙලා මගේම නංගි වගේ වුණ එයා කියවද්දි මම කොහොම දරා ගන්නද.

A-Areum කෝ බලන්නකො. ඉතිම්. එයාට මොකුත් වුණේ නෑ Areum.., එයාට සීරීමක්වත් නෑ.
එයා පරිස්සමට ගෙදරත් ගිහින් නෙ අපි දෙන්නා ගිහින් ඊයෙ රෑ බලලනෙ ආවෙ.

ඔව් ඊයෙ වුණෙ සිද්දියෙන් පස්සෙ Areumට ඕන වුණා ජන්කුක් හොඳින්ද කියල බලන්න. ඒ නිසාමයි මහ රෑ වුණත් Areumව එක්කන් මම ජන්කුක්ගෙ ගෙදර ළඟට ගිහින් එයා ගෙදර බව ඔප්පු කරලා දුන්නෙ.

ඔප්පා.... දැන් මම එයාව දුරින්ද බලන්න ඕනෙ.?
එයා ආයෙ එන එකක් නැ නේද.
මන් නිසා එයාව මැරෙන්නත් ගියා.


මගෙන් ඈත් වුණ Areum බිම වාඩි උණේ ලෝකෙම කඩන් වැටිල වගේ.

Areum.., අහන්නකො අපි ඉවසල ඉමු ම්ම්ම්?
ඉක්මණට එයා හැමදේම තේරුම් ගනියි එයාට ටික වෙලාවක් දෙමු....

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now