04

68 22 12
                                    

" මට දැනෙන දේම ඔයාටත් දැනෙන දවසට
හැම දෙයක්ම වෙනස් වේවි. "

" මන්.... හවායොංග්ට ආදරේ කරනවා. අන්න ඒ නිසය් මන් එයාට විශේෂෙන් සලකන්නෙ. "
යුංගිගේ වචන ඉස්සරහ හවායෝන්ග් ගොළු වුණා. ඒ හැම දෙයක්ම හිීනයක් කියලයි එයාට හිතුණේ.
එයා කවමදාවත් හිතුවෙ නෑ යුංගි එයාට ආදරය කරයි කියල.
ඒත් තමන්ගේ අත් දෙක ආදරෙන් පිරිමදින ගමන් ඇස් දිහා කෙලින්ම බලාගෙන ඒ කියපු වචන බොරු නෙමෙයි කියල යෝන්ග් ට ලොකු විශ්වාසයක් දැනුණා.

" ඔයාලට ඒක නේ දැනගන්න ඕන වෙලා තිබුණෙ.? දැන් හරි නේද..? මෙතනින් එහාටවත්... කාගෙවත් පෞද්ගලික ජිීවිතේට ඇගිලි නොගහ ඉන්නවා. "

හැමෝම දිහා දැවෙන බැල්මකින් බලපු යුංගි හවායොන්ග්ව එයාට ලං කරගත්තේ හවායෝන්ග් එයාට අයිති දෙයක් කියල පෙන්නන්න වගේ.

" දැන් මෙතන වට වෙලා ඉන්නෙ නැතුව විසිරිලා යනවා. මට මෙයත් එක්ක විසදගන්න දෙයක් තියනවා. "
වෙනද ඉදිය යුංගිට වඩා හාත්පසින්ම වෙනස් යුංගි කෙනෙක් එයා ළඟ ඉන්නව කියලයි හවායෝන්ග් ට හිතුණේ.
කේන්තිය පිරිලා තිබුණ කටහඩ,
ඒකටම හරියන ඇස් දෙක එක්ක ඇත්තටම යුංගිට කේන්ති ගිහිං කියල හවායෝන්ග් ට තේරුණා.

කවුරුවත් යුංගි එක්ක වාද කරන්නවත් හිතන්නෙ නැතුව එතැනින් අයින් වෙද්දී හවායෝන්ග් ට හිතුණේ එක දෙයයි
නිහඩ යුංගිගේ ඇතුලේ හැමෝම බය කරගෙන ඉන්න චරිතයක් ඉන්නව කියන එක.
සංග්මිගේ ඇස් වලින් ඒක හොදටම තේරුණා.

" දැන් ඔයා... මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලෑස්ති වෙන්න. " හවායෝන්ග් ව තමන්ගෙන් ටිකක්වත් ඈත් කරන්නේ නැතුව ම යුංගි කිව්වා.

" මොකක්ද...? "

" ඇය් අද මියුසික් රූම් එකට ආවෙ නැත්තෙ. හැමෝන්ටම වගේ ඔයාටත් මගේ පියානෝ ප්ලේ එක එපා උනාද? "

" නෑ යුංගි... මන් තාමත් ඔයාගෙ සංගීිතේට ආදරෙයි. "

" එතකොට මට...? "

" ඔයාට මොකක්ද? "

" මට ආදරේ නැද්ද,....? "

හවායෝන්ග් කිසිම උත්තරයක් නොදී බිම බලාගත්තේ යුංගිට මොනා කියන්නද කියල හිතාගන්න බැරුව.
එයා ඇත්තටම යුංගිට ආදරේ කලා.
ඒත්...
එක බයක් එයාගෙ හිත වෙලාගෙන ඉදියේ.

THE WIND  || BTS MYG ||  ✔️Where stories live. Discover now