💛chapter 22💛

427 64 9
                                    

My lovely protector

"අනේ මගෙ මැනික ඇවිත්....මේ බලන්නකො යීයි චූටි කාලෙ මගෙ පුතාගෙ පුළුං ගුලිය දැන් ලොකු කොල්ලෙක් වෙලානෙ...."

බෙයිජිං වල නිවසට පැමිනි ගමන්ම නිවසට ඇතුලු වනවිටම ශාන්ව දුටු රූහි ඉක්මනට පැමින ශාන්ව වැලදගන්නට වූයේ දෑස් වල තෙතමනයකින් යුතුවයි...ඉතින් මේ අනිවාර්යයෙන්ම යිබෝගේ මව රූහි බව ශන් දැනගත්තේ ඇයගේ කතාවෙනි....යීයිද ශාන් දෙස බලාසිටින්නේ තෙතමනයෙන් යුතු දෑසකිනි ඒ ඉතින් ඔවුන්  දැන් ශාන්ව  දකින්නෙ වසර විස්සකට පසුවයි...ඉතින්  පින්තූර වලින් මීට පෙර දැක තිබුනත් සැබෑවටම දකිනවිට ඒ හැගීම ගොඩක් වෙනස්‍ ය...

"අයියෝ ලොකු අම්ම මේ ලමයට මුලින් ඇතුලට එන්න දෙන්නකො පස්සෙ හුරතල් කරන්න....මේ බලන්නකො ඩිඩී බයවෙලා ඉන්නෙත්..."

මෙතරම් වෙලා ශාන්ව වැලදගෙන සිටින රූහි දෙස බලාසිටි ජීනායි මේ කියවන්නට වූයේ  ශාන් අසලට පැමින ඔහුගේ හිසත් අතගාමින් සෙනෙහසින් යුතුවයි....ඒ ඉතින් ශාන් මේ සියල්ල දෙස බලාසිටින්නේ නුහුරු හැගීමකින් බව ජීනායිට වැටහුන නිසයි....හිතේ සතුටක් තිබුනත් වසර විස්සකට පසුව දකින මේ පුද්ගලයන් ශාන්හට තවම හුරුනැත....

"අයියෝ මගෙ කොල්ලව මම බය කරාද ම්ම්ම්...එන්නකො ඇතුලට යමුකො අපි ඔයා එනකම් බලන් හිටියෙ කොහෙද ඉතින් ඔයාගෙ මහලොකු  බොඩිගාඩ් යිබෝ  අපිට ෆොටෝ එව්වට අපිට ඔයාව බලන්න එන්න චාන්ස් එකක් දුන්නෙ නෑනෙ..."

රූහි තම පුතුන්ට මුහුනත් හකුලුවන් බනින විටනම් ශාන්ගේ මුවගට සිනහවක් නැගුනි...

"යූහි අපේ නසරානියා එහෙම හෙටද එනව කීවෙ...."

ශාන්ගේ අතින් අල්ලන් ගොස් ආලින්දයේ සෝෆාවේ වාඩිවූ රූහි මේ ශාන්ගේ මවගෙන් අසන්නේය...

"හ්ම්ම් අපි එක්කම එමු කීවට කොල්ලො දෙන්න ඇහුවෙ නෑ...හිතුවක්කාරකමනෙ අයිය වගේම තමා...මුන් තුනම එකයි....ඉතිරි දෙන්නත් ආවම තුනම එකට දාල මකවන්න ඕනෙ..."

යූහි මේ පවසන්නේ ආලින්දයේම පුටුවක වාඩිවී ගිමන් හරින ශුයෑන්ග් දෙස බලාගෙනයි...ඒ ඉතින් අද සවස සිදුවීම නිසයි...එවරනම් ශුයෑන්ග් යූහි දෙසත් බලා ‍මෝඩ සිනහවක් පාන්නට වූයේ යීයිත් දැන් තමන් දෙස බලා සිටින නිසයි... ඒ ඉතින්  තම මව ඉදිරියේ තමන්ගේ රෙදිත් ගැලවෙන්නට ආසන්න බව වැටහුන නිසයි....

My lovely protector (Yizhan)/complete Donde viven las historias. DescÃēbrelo ahora