42 . Surprise .

734 154 70
                                    

Jimin නම් හිටියේ ගොඩාක් සතුටින් මොකද එයාගෙ ඔම්මායි , අප්පායි එයාව බලන්න සෝල් ආපු නිසා. Jimin නැගිට්ට වෙලෙ ඉදන් කරන්නෙ Senjiyon හදන කෑම එකින් එක කන එක.. එයාට එයාගෙ ඔම්මාගෙ කෑම එකෙ රස ගොඩාක් මගහැරුනා.

" පුතා දැන් ඇති , ඔයා නැත්නම් මහත් වෙයි " Jimin ගෙ මූණ දෙක උනෙ එයාගෙ ඔම්මා කිව්ව දේ නිසා.

Jimin අකමැතිම දේ තමයි එයා මහත් වෙයි , මහතයි කොටින්ම මහත කියන වචනෙට. ඒකට ලොකුම හේතුව එයා පොඩි කාලෙ මහතයි වගෙම එයාට ඒ නිසා එයාගෙ යාලුවො ගොඩාක් විහිලු කරා.. ඒ නිසා එයා රෑ දවල් නොබලා කෙට්ටු වෙන්න මහන්සි උනා.. එයා කෑම නොකා සිහිය නැති උන අවස්ථා ගොඩයි.

" ඔම්මා මට එපා " Jimin කෑම එක පැත්තකින් තියලා නැගිට්ටා.

" ඒයි Jimin මන් විහිලුවට කිව්වෙ " Senjiyon එහෙම කිව්වා.

" නෑ ඔම්මා කොහොමත් කෑවා වැඩි නෙ ඔයා කිව්වා වගෙ මන් මහත් වෙයි " Jimin හිනාවෙලා කුස්සියට ගියා.

" අනෙ මන්දා මේ කොල්ලා නම් " Senjiyon හිනා උනා.

__________________________________

" Hyung ඔයා එන්න ඕනෙ !! " Jungkook Phone එක ඔබන Yoongi ට කිව්වා.

" ඔයාට පිස්සුද ? එයාට 18 ලැබුවාට පස්සෙ අනිවාර්යයෙන් දැනගනී මන් තමා එයාගෙ Mate කියලා " Yoongi ඇස් කරකවන ගමන් එහෙම කිව්වා.

" ඉතින් එයා කොහොමත් ඒක දැනගන්නවානෙ " Jungkook මූණ දෙක කරන් එහෙම කිව්වා.

" ඔයාට ඕනෙ නම් යන්න මන් එන්නෙ නෑ , මට ඇවිල්ලා නිකන් කරදරෙ වැටෙන්න බෑ " Yoongi එහෙම කියලා හුස්මක් පිට කරා.

එයා එහෙම කිව්වෙ පලවෙනි පාරට පරිවර්තනය වෙනකොට හෝ Mate ගෙ සුවද දැනෙනකොට ඒ කෙනාට එයාවම පාලනය කරගන්න බැරි වෙන නිසා.

" හරි එහෙනම් අර Hayon Jimin ගාවට ගිහින් එයා තමා Mate ගගා ඉදි " Jungkook කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වා.

" මොකක් ? ඔයාට විකාරද , එහෙම වෙන්නෙ කොහොමද Jimin ට එයාගෙ Mate ගෙ සුවද දැනෙන්න ඕනෙ " Yoongi කටකොනින් හිනා වෙලා එහෙම කිව්වා..

" ඇත්තටම ? Hayon කියන්නෙ මොන වගෙ කෙනෙක්ද කියලා ඔයා දන්නවානෙ අනික එයාට පුලුවන් වෙන සුවදක් ඒකාත් කෙනෙක් ආකර්ශනය වෙන සුවදක් දාන් ඇවිත් Jimin ගාවට එන්න " Jungkook බොරුවක් උනත් ඒ වගෙ දෙයක් වෙන්න තියන ඉඩ කඩ වැඩී කියලා Jungkook නොදන්නවා නෙවෙ.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now