••• ජීවිතය නම් පොත •••

10 1 2
                                    

ගෙවී යන මොහොතක් ම පාසා
පිටු එකින් එක පිරී යනෙනා
එය ඉතා දිගු කතා පොතකී
නිමක් නැතිවම ලියැවෙනා

පද වැරදුනත් ලියන විට
මකා දමන්නට නොහැක කිසිදා
කිසිදු වරදක් නොවන පරිදිම
ලියන්නට අවැසිය සිතා

පරිච්ඡේදය කැත වුවත්
ඉරා දමන්නට නොහැකි මුත්
හැකිය වෙරදා ලියන්නට
පියකරුව මතු පරිච්ඡේදය

හෙළන අවසන් සුසුම් පොදයෙන්
තබයි නැවතීම් තිත
යළිත් කවදා නොලියන්නට
නිමි කියා අවසන් කරයි එය

ඉතින් ජීවිතය නම් පොත
හරි අපූරු මායාවකී... 🕊

මනූ ✍️

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Apr 30, 2023 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

💙Donde viven las historias. Descúbrelo ahora