⚜ part 2 ⚜

225 5 0
                                    

සෝහ තව bodyguard කෙනෙක් එක්ක ටේරිව දාලා තියන කාබරේට ගියා. ටේරිට තාමත් සිහිය නෑ වගේ. සෝහ ගිහින් ටේරිගෙ පැත්තෙන් හිට ගත්තා. ඊටපස්සෙ සෝහා ටේරිගෙ අත් ගලවන්න කියලා කිව්වහම අර bodyguard ටේරිගෙ අත් ලෙහුවා. අත් ලෙහෙනවත් එක්කම ටේරිව ඇල වෙලා ගිහින් සෝහගෙ ඇගට හේත්තු උනා. ඒ වෙලේ සෝහා ටේරිව බදාගෙන වගේ අල්ල ගත්තා.

" සෝහා මට උදව් කරන්න. මට ගෙදර යන්න ඕනෙ නෑ. මාව ඔයා ගාව තියා ගන්න..."

කියල ටේරිගෙ කටහඩෙන් කියනවා සෝහට ඇහුනා. සෝහ මේ වෙලේ තමා දැක්කෙ ටේරිට සිහිය ඇවිල්ලා කියලා. සෝහා මුකුත් නොකියා එයාට නැගිටින්න කියලා ටේරිව ඉස්සුවා. ඒ උනාට ටේරි ආපස්සට ආපහු පුටුව උඩට වැටුනා. මොකද ටේරිගෙ කකුලෙ තුවාල වලට බෙහෙත් දැම්මත් ඒවා තාම හොද නැනෙ. ඊටපස්සෙ සෝහා හැදුවෙ ටේරිව උස්සන් යන්න. ඒ උනාට ටේරි ඒකට කැමති උනේම නෑ. ඒක නිසා සෝහට බලෙන්ම ටේරිව උස්සන් උඩට එන්න සිද්ද උනා.

" ඔයා දන්නවද ජූන්... මම හිතුවෙ සෝහා අම්මා වගෙ වෙයි කියලා... ඒ උනාට එයා එහෙම නෑ. එයාගෙ නියම ගති දැන් ටික ටික එලියට එනවා... " කියලා කින් ජුන්ට කිව්වා.

සෝහා ටේරිව උස්සන් බාතෘම් එක ඇතුලට ම ගිහින් ශවර් එකත් ඇරලා දීලා එලියට ගියා. ඊටපස්සෙ ටේරි නාගෙන එලියට ආවා. ටේරිගෙ කකුල උඩින් උඩින් වගේ කැපුව නිසා ඒ තුවාල දැන් ගොඩක් දුරට හොදයි. ඒ උනාට තාම ඒවා වේදනාකාරි. ඒක නිසාම ටේරි ඇගිලි තුඩු වලින් වගේ ඇවිදගෙන ඇවිදෙන ඇවිල්ලා කොහොම හරි කාබරේ ඇතුලට ආවා.

ටේරි කාබරේට එනකොට සෝහා ජනේලෙ ඉස්සහට වෙලා අත් දෙකත් බැදගෙන එලිය බලන් ඉන්නවා. ටේරි දොර වහන සද්දෙ ඇහුනා විතරයි සෝහා කතා කලා.

" අහ් ඔයා ආවද...? "

කියාගෙන ටේරි ලගටම ආවා. ටේරි ටික ටික පස්සට ගිහින් මේසෙකට හේත්තු උනා. ඊටපස්සෙ සෝහා බැදගෙන හිටිය අත් දෙක ටේරිගෙ දැපැත්තෙන් තියලා මූනට බර උනා. මොකද සෝහා ටේරිට වඩා අඩි 2ක් විතර උසයිනෙ. පස්සෙ සෝහ මෙහෙම කිව්වා.

"ඔයා දැන් bet a wolf කෙනෙක්. නෙවෙ delta wolf කෙනෙක්... " කියලා.

" ඉතින් ටේරි ඔයා මට නයයි... එහෙම නෙහ්...? මොකද කියන්නෙ.."

-The Red Blood- [BTS සිංහල - Completed]Where stories live. Discover now