⚜ part 04 ⚜

148 4 7
                                    

එදා රොසෙ ජුන්කුකුයි තෙයොන්නුයි අතර ඇති කරපු රංඩුව නිසා තාම ඒ දෙන්නා තරහයි. ඒ උනාට ජුන්කුක්ට ඕනෙ උනේ තෙයොන් එක්ක යාලු වෙන්න. ඒක නිසා ජුන්කුක් රෝසමල් පොකුරකුත් අරන් තෙයොන් බලන්න එයා ඉන්න කාබරේට ගියා.

ජුන්කුක් හිමින් සීරුවේ කාබරේ ලොක් එක ඇරලා තෙයොන් ඉන්නෙ කොහෙද කියලා බැලුවා. බැලින්නම් එයා දොර ළගම බිම නිදි. ජුන්කුකුත් තෙයොන් ළග ම බිම ඉදගෙන තොයොන්ගෙ මූන දිහා ටිකක් බලන් හිටියා. තෙයොන්ගෙ ඇස් ඉදිමිලා නහය රෝස පාට වෙලා තිබ්බා. හුස්ම වැටෙන සද්දෙ අස්සෙන් නිකන් මහන්සිය හැදුනම එන සද්දෙ වගෙ සද්දකුත් ලාවට ජුන්කුක්ට ඇහුනා.

ජුන්කුක්ට ඒ වෙලෙ තේරුනේ නැ වෙනදට එක එක නම් කිය කියා පස්සෙන් එන මේ පොඩි කොටි පැටියව නැගිට්ටවලා සමාව ගන්න විදිහ. ඒක නිසා ජුන්කුක් තෙයොන් ලග ම එහාපැත්තෙන් ඉදගෙන හිටියා.

ජුන්කුක් ඉදගෙන හිටියෙ එක කකුලක් දිගෑරලා අනිත් කකුල නවාගෙන. නවාගෙන ඉන්න කකුලෙ දනිස්ස උඩ අර මල් පොකුර අතේ තියන් අල්ලගෙන. කුකීට මේ වෙලෙ මතක් උනේත් alpha ring එක ගැන. කොහොම හරි ජුන්කුක්ගෙ හීන ලෝකෙ බිදිලා යන්නෙ තෙයොන්ට

"හචොස්....!" ගාලා තඩි කිවිසුමක් ගියහම.

"ජුන්කුක් ඔය මල් මගෙන් අහකට ගන්න....!"

කියලා තෙයොන්ගෙ නහයට ලංවෙලා තිබ්බ රොස මල් පොකුර ඈත් කරන ගමන් නැගිට්ටා. ඒ උනාට තෙයොන්ට නවතින්නෙම නැතුව හචින් යන්න පටන් ගත්තා...

"ජුන්කුක්.... හචොස්...! ඔ... ඔයා.... දන්නෙ නැද්ද.... හචොස්...! මට රෝස මල් ඇලජික් හචොස්...! කි කියලා... "

"අප්පට සිරි මට අමතක උනානෙ....!"

මේ වෙලෙ තමා ජුන්කුක්ට මතක් උනේ තෙයොන්ට රෝසමලුයි සුදු ලූනුයි ඇලජුක් කියලා. කොහොම හරි ජුන්කුක් තෙයොන්ට ටිකක් මූන හෝදන් එන්න කියලා බාතෲම් එකට එක්ක යන්න උදවු කලා. ජුන්කුක්ත් තෙයොන්ගෙ උදව්වට බාතෲම් එකට එන්න හැදුවෙ. ඒ උනාට තෙයොන් ජුන්කුක් එන්න හදන හදන පාරට අතින් තල්ලු කර කර ජුන්කුක්ව reject කලා. ඉතින් ජුන්කුකුත් තෙයොන් බාතෲම් එකට ගිහින් එනකල් එතන ළග තිබ්බ කණ්නාඩි මේසෙට හේත්තු වෙලා බලන් හිටියා.

-The Red Blood- [BTS සිංහල - Completed]Where stories live. Discover now