Sean's Pov
එලාම් එකේ සද්දෙට ඇහැරුන මන Mushroom coffee එකකින් දවස පටන් ගත්තා. වෙලාව පාන්දර තුනයි විනාඩි නවයයි.මං මගේ කාමරේ මේසේ උඩින් ඉඳගෙන ලැප් එක දිගෑරගෙන දවසේ මුල්ම වැඩේ පටන් ගත්තා.
ඔව් මං ඔයාලා වගේම තමයි .දවස පටන් ගන්නෙ සෝෂල්මීඩියා වලින්. උදේම නැගිටලා විනාඩි පහක් දහයක් මං වෝල් එකේ උඩ පහල ගිහින් ගොසිප් හොයනවා. හැබැයි මගේ අරමුණ වෙනස්. අනිත් අය යාළුවන්ගෙ නළු නිලියන්ගෙ ඕපෙ හොයද්දී මං කලේ එක්තරා විශේෂ පිරිසකගෙ අකවුන්ට්ස් වල අප්ඩේට් බලපු එක.
හ්ම්ම් මොකද එයාලා විශේෂයි.මං මෙච්චර අමාරු ජීවිතයක් ගත කරන්නෙ එයාලා නිසා.හහ්..දන්නවද,මං වෙලාවකට ගායකයෙක්,වෙලාවකට බැලේ නර්ථන ශිල්පියෙක්,වෙලාවකට මං ෆැශන් ඩිසයිනර් කෙනෙක් තවත් වෙලාවකට මං ආකිටෙක්චර් කෙනෙක් ,වෙලාවකට මම හැකර් කෙනෙක්,තව වෙලාවකට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. ඔව් මං අනන්‍යතා ගොඩක් තියෙන සංකීර්ණ ජීවිතයක් ගත කරන මනුස්සයෙක්.
මේ හැමදේම ප්‍රොෆෙශනල් ලෙවල් එකේ උනාට හැකින් මං තවම ඉගෙනගන්න ගමන්.පොඩි පොඩි දේවල් පුළුවන් උනත් ලොකු සිස්ටම් එකක් හැක් කරගන්න මට තාම බෑ. පොඩි කාලේඉඳන් මේ දේවල් සේරම ඉගෙනගන්න මට ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ උනා.සමහර දවල් වලට මං කොච්චර මහන්සි උනාද කිව්වොත් මං ජීවත් වෙනවා කියන්න තිබ්බ එකම සාක්ෂිය හුස්ම වැටෙන එක විතරක් උනා. කොච්චර අමාරු උනත් එකම එක හැඟීමක් මාව මෝටිවේට් කලා. ඒ තමයි මගේ නහරක් ගානේ දුවන කේන්තිය.
උදේ ඉඳන් ඔලුව මහන්සි කරලා කරලා අවසානෙ පාන් පෙති දෙකක් බඩට වට්ටගෙන මං ජොබ් එකට ගියා.ඒ IPC එකේ ප්‍රොජෙක්ට් මැනේජර් විදිහට.