"ටේ.... යාහ්... නැගිටිනවා චූටි. ස්කූල් එකට යන්න පරක්කු වෙනවා..."
කාමරේ එළියෙන් ඇහුණ හ්යෝන්ගේ සද්දෙට මං එක ඇහැක් විතරක් ඇරලා බලලා ආයෙම ඔලුව තියාගත්තේ මගේ මූණම දෙක වෙලා යද්දී.
"චූටී...."
"ආයිශ්... හ්යොන්ග්... කෑ නොගහා යනවකෝ. වදේ..."
මට ආපු කේන්තියටම මං හයියෙන්ම කෑගහලා අනික් පැත්ත හැරිලා කොට්ටේ බදාගත්තා.
"ආහ් ඔයා ඇහැරලා ද? ඉක්මනට ලෑස්ති වෙලා එන්න. අන්න ඔයාගේ යාලුවත් ඇවිත් පහළ බලාගෙන ඉන්නවා."
"ආයිශ්... මූත් මේ වෙලාවෙම ආවේ මොකද?"
එහෙම හිත හිත මං මොකුත්ම නොකියා වොශ් එකක් දාගෙන ස්කූල් යන්න ඇඳගෙනම පහළට ආවේ මගේ බෑග් එකත් කරට දාගෙන.
"උඹ මොකද හැමදාම මෙහේ රිංගන්නේ? පල යන්න."
මං දැක්කා කෑම මේසේ ඉඳගෙන කෑම කන මගේ යාලුවා ජියෝන් ජන්කුක්ව. එයත් මේ ළඟ ඉන්න නිසා ගොඩාක් වෙලාවට මාත් එක්කම ස්කූල් යන්න එනවා.
"ටේ... ඇවිත් කෑම කන්න."
හ්යොන්ග් හිනා වෙන ගමන් එහෙම කියද්දී මං ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තා.
"ඒ බං ටේ... උඹත් කාලා යමන්. හ්යොන්ග් රසට කෑම හදලා ඕයි.."
ටේහ්යොන්ගේ යාලුවා ජන්කුක් එහෙම කියලා හාවෙක්ගේ වගේ තියෙන ඉස්සරහා දත් දෙකත් දාලා විරිත්තුවා.
"තව කෑම තියෙනවා කොල්ලෝ. උදේට හොඳට කාලා යන්න ඕනේ ඉගෙන ළමයි. ටේ... එන්නකෝ.. ඇවිත් කාලා යන්න... නැත්තං පරක්කු වෙයි"
ආයේත් හ්යොන්ග් මට කතා කරද්දී මං එයා දිහා නොරිස්සුමකින් බලාගෙන හිටියේ කට කොනකුත් ඇද කරගෙන.
"කිම් සොක්ජින්... මං බබෙක් නෙමෙයි. මට අවුරුදු 15කටත් කිට්ටුයි දැන්. හැමවෙලේම අරක මේක කරන්න කිය කිය මට වද දෙන්න එපා. මට ඕනේ නං මං කනවා නැත්තං නෑ. මොන වදයක් ද මේක? කුකියා.. උඹ එනවා නං වරෙන් නැත්තං හිටපං. මං යනවා යන්න..."
YOU ARE READING
MY HYUNG IS NOT A COWARD || TAEJIN || COMPLETED ||
Fanfiction| මගේ හ්යොන්ග් කියන්නේ මං ජීවිතේට දැකපු ලොකුම බයගුල්ලා. ඔව්. මට හිතාගන්නවත් බෑ ඒ වගේ කෙනෙක් කොහොමද මගේ භාරකාරයා උනේ කියලා ඒත්.. ඔයාගේ හ්යොන්ග් කියන්නේ ටේ නිදාගෙන ඉන්න සිංහයෙක්. එහෙම නැත්තං නිමිලා වගේ පේන ගිනි කන්දක්. ඒ සිංහයා ඇහැරුනු වෙලාවක, ඒ ගිනි...