"මූන්... හැමදේම ලෑස්තීයි නේද?"
"දේ ජිනා. උඹත් ලෑස්ති වෙයං. අද තමයි උගේ ජීවිතේ දකින ලොකුම ප්රසන්ටේශන් එක දකින්නේ."
මූන් එහෙම කියලා බෙල්ලේ දාගෙන හිටිය ටයි එක හදාගත්තා.
"ඒක විතරක් නෙමෙයි අපෙත් අවුරුදු ගාණක සැනසීම ලැබෙන දවස."
ජින් එහෙම කියලා පුටුවේ වාඩි වෙලා ෆයිල් එකක් පෙරල පෙරල බල බල හිටියා.
"මෙලහට ඇවිලිලා ඇති එහේ. මට උගේ මූණ බලන්නත් ආසයි."
මූන් එහෙම කියලා ජින් ඉස්සරහා තියෙන පුටුවෙන් වාඩි උනේ කට කොනට දාපු හිනාවකුත් එක්කමයි.
"ඌ අනිවා අද එනවම තමයි. මෙච්චර වටින ඩීල් එකක් මිස් කරගන්න මෝඩයා මොකාද? අනික් දේවල් රෙඩී නේද?"
"හ්ම්ම්... හැමදේම ඕකේ. අන්තිම ඕවරේ තියෙන්නේ ප්ලේ කරන්න"
මූන් එහෙම කියලා ටැබ් එකට මූණ ඔබාගත්තා. එතකොටම එතනට මූන්ගේ දෙවනියා දුවගෙන ආවා.
"සර්.. මිස්ටර් වෑන්ග් ඇවිත්."
"හරි හන්. මං එන්නම්. එයා එක්කගෙන ආපු හැමෝමවත් ඇතුළට ගන්න. "
"දේ සර්."
එහෙම කියලා මූන්ටයි ජින්ටයි බෝ කරපු හන් එළියට යද්දී මූන් ජින් දිහා බැලුවේ එවිල් ස්ම[ර්]ක් එකක් දාලා. එතනින් නැගිට්ට මූන් ඔලුවත් දෙපැත්තට කඩලා එතනින් යද්දී ජින් කෝල් එකක් ගත්තේ පුටුවෙන් නැගිටින ගමන්.
"ඕහ්... මිස්ටර් වෑන්ග් ඉක්මනටම ඇවිත්නේ."
එහෙම කියාගෙනම කිසිම කළබලයක් නැතුව මීටින් රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ගියපු මූන් කට කොනට හිනාවකුත් දාලා වෑන්ග් දිහා බලද්දී වෑන්ග් බොහොම යටත් පහත් විදිහට ඉක්මනට ඉඳන් හිටිය තැනින් නැගිටලා මූන්ට අතට අත දුන්නා. එයා දිහා නෝන්ඩියට බලල හිනාවුනු මූන් ගිහින් මේසේ කෙළවරටම තියෙන පුටුවෙන් වාඩි වුණේ එයා එක්කම රූම් එකට ආපු මැනේජර්ලා එක්කමයි.
ESTÁS LEYENDO
MY HYUNG IS NOT A COWARD || TAEJIN || COMPLETED ||
Fanfic| මගේ හ්යොන්ග් කියන්නේ මං ජීවිතේට දැකපු ලොකුම බයගුල්ලා. ඔව්. මට හිතාගන්නවත් බෑ ඒ වගේ කෙනෙක් කොහොමද මගේ භාරකාරයා උනේ කියලා ඒත්.. ඔයාගේ හ්යොන්ග් කියන්නේ ටේ නිදාගෙන ඉන්න සිංහයෙක්. එහෙම නැත්තං නිමිලා වගේ පේන ගිනි කන්දක්. ඒ සිංහයා ඇහැරුනු වෙලාවක, ඒ ගිනි...