"හරාබොජී... මං ආපහු යනවා... මං මහම මහා මෝඩයෙක්, පිස්සෙක්. මං මගේ හ්යොන්ග් ගාවට යනවා හරාබොජී..."
මේසේ උඩ ඔලුව ගහගෙන අඬ අඬ හිටිය ටේහ්යොන්ග් ඉක්මනට ඔලුව උස්සලා කඳුළු පිහදගෙනම හරාබොජිව හම්බෙන්න දුවගෙන ගිහින් එහෙම කිව්වේ රතු වෙච්චී ඉදිමෙච්චී ඇස් දෙකෙන් එයා දිහා බලලා.
"හොඳටම විශ්වාසයි ද චුට්ටෝ ඔයා ඔය දැන් කියපු එක ගැන? ඔයාට කැමති දවසක් මෙහේ ඉන්න. මං ජින් එක්ක කතා කරන්නම්"
"ඕන්නෑ හරාබොජී. මං මේ වෙලාවේ ඉන්න ඕනේ එයා එක්ක. මං යනවා."
එහෙම කියපු ටේහ්යොන්ග් හිනාවක් නැති මූණෙන් හරාබොජිට බෝ කරලා පහළ තට්ටුවට බැස්සේ එයාගේ බෑග් එක එතන තියෙන නිසා.
"ජින් ගේ ගාඩ්ලා එක්ක යන්න චුට්ටෝ... එයාලා ඔය ගේට් එකෙන් එහා පැත්තේ ඉන්නේ ඔයා මෙහෙට ආපු වෙලාවේ ඉඳන්."
එහෙම කියාගෙනම හරාබොජි ටේහ්යොන්ගේ පිටිපස්සෙන් හිටගෙන එයාගේ උරිස්සෙන් අත් තියද්දී ටේහ්යොන්ගේ ඇස් දෙක ආයෙම තෙත් වෙන්න ගත්තා. මොකුත්ම නොකියා ඔලුව වැනුව ටේහ්යොන්ග් ගාඩ්ලා එක්ක වාහනේට නැගලා පිටත් වෙනවා බලාගෙන හිටිය හරාබොජී කඳුළු අස්සෙන්ම ලා හිනාවක් දැම්මේ සීත කාලේ ඉවර වෙන්න යනවා වගේ ෆීලින්ග් එකක් දැනෙද්දී.
**************************************
හරාබොජි කියපු හැමදෙයක්ම මට ඇහෙද්දී මට දැනුනේ මං නිකං ෆැන්ටසී එකක ඉන්නවා වගේ. මං කොහොමද හිතන්නෙ මගේ බයගුලු අයියා පිටිපස්සේ මං වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න ලෑස්ති වෙලා ඉන්න ගැන්ග්ස්ටර් කින්ග් කෙනෙක් ඉන්නවා ඇති කියලා. එයා මාව කොච්චර දේවල් වලින් බේරගෙන තියෙනවා ද? හ්යොන්ග් ඔය මං නිසා කොච්චර වේදනා විඳින්න ඇතිද? ඒත් ඔයා ඒ හැමදේම ඉවසගත්තා මං නිසා. ඒත් මං මොනාද කරේ? මං ඔයාට බැන්නා හැමවෙලේම, කෑගැහුවා, මඟඇරියා... මං කොච්චර බැන්නත් ඔයා කරේ හැමදේම හිනාවෙලා අහගෙන හිටිය එක විතරයි. හ්යොන්ග්.. මට දැන් තේරෙනවා... හරාබොජි කිව්වා හරි.. ඔයා එක්ක මට හැරෙන්නවත් බෑ. ඔයා ඉස්සරහා මං මේ පයට පෑගෙන දූවිල්ලක් වගේ. මියානේ හ්යොන්ග්... මට ගොඩාක් ගොඩාක් සමාවදෙන්න මගේ හ්යොන්ග්..... මං ඔයාට ලොකු වැරැද්දක් කරේ.
JE LEEST
MY HYUNG IS NOT A COWARD || TAEJIN || COMPLETED ||
Fanfictie| මගේ හ්යොන්ග් කියන්නේ මං ජීවිතේට දැකපු ලොකුම බයගුල්ලා. ඔව්. මට හිතාගන්නවත් බෑ ඒ වගේ කෙනෙක් කොහොමද මගේ භාරකාරයා උනේ කියලා ඒත්.. ඔයාගේ හ්යොන්ග් කියන්නේ ටේ නිදාගෙන ඉන්න සිංහයෙක්. එහෙම නැත්තං නිමිලා වගේ පේන ගිනි කන්දක්. ඒ සිංහයා ඇහැරුනු වෙලාවක, ඒ ගිනි...