Few weeks later ___
සති කිහිපයකට පස්සෙ ජිමින්ට පහසු කාලයක් උනා.. එයාගෙ බන්ඩිය දැන් ටිකක් ලොකු වෙලා..ජන්කුක්ගෙන් නම් බේරුමක් නැ...එයා මිනීව වගේම පැටියව ඕනවට වඩා පරිස්සම් කරනවා...සතියකට වතාවක් වගේ ජිමින්ව පරීක්ෂා කරන්න ඩොක්ටර් කෙනෙක් එයා ගෙදරට ගෙන්නලා හැම දෙයක්ම කරන නිසා ජිමින්ට එළියට යන්න තිබුණු ඒ අවස්ථාවත් නිකම්ම නැති වෙලා තිබුණේ..
අදත් ඒ වගේ දවසක් ජන්කුක් වෙනදා වගේම ගෙදරට වෙලා එයාගෙ වැඩ කරන ගමන් මිනීව බලාගෙන හිටියා.. මිනී කරන්න දෙයක් නැති නිසා cartoon එකක් බලන ගමන් හිටියේ...
එක පාරටම Bell එක වදින සද්දෙ ඇහුන ගමන් මිනී හිමින් සැරේ නැගිටලා දොර ලඟට ගිහින් වහලා තිබුණු දොර ඇරලා බැලුවා...
ඉස්සරහ හිටගෙන හිටපු කෙනා දැකපු ගමන් ජිමින් අඩි කීපයක් පස්සට උනා...එයා වේගෙන් හුස්ම ගන්න ගමන් අත් දෙකෙන්ම ඉස්සරහට නෙරලා තියන පුංචි කුස වහ ගන්න හදන ගමන් අඩියෙන් අඩිය පස්සට ආවා...
"මිනී.... "
ජිමින්ගේ උරහිස් උඩ රැඳුනේ ජන්කුක්ගේ අත්... එයා ඉක්මනට ජන්කුක් දිහාට හැරුණා..
" අනේ. කුකී.... මන් දන්නේ නෑ.... මන් එයාට එන්න කිව්වේ නෑ.. ඇත්තමයි.."
" මමයි මැණික එයාට එන්න කිව්වේ...ටේහියුන් එන්න ඇතුලට.. "
Fruit basket එකක් අතේ තියාගෙන ජිමින් දිහා බලන් හිනා වෙලා ඉන්න ටේට ජන්කුක් එහෙම කියද්දී ජිමින්ට හිතාගන්න බැරි වුණා...ටේ ඇතුලට ඇවිත් sofa එකෙ වාඩි වෙද්දී ඊට ඉස්සරහින් මිනීව පරිස්සමින් වාඩි කරවලා ජියෝන් එතනින් වාඩි උනා...
තාමත් කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉන්න මිනී ජියෝන්ට තුරුල් වෙලා ටේගේ ඇස් වලින් හැංගෙන්න උත්සාහ කරනවා..ජන්කුක්ට මිනීගේ මේ වෙනස හොඳින්ම දැනුනා...එයා තමන් ළඟ එයා හොයන ආරක්ෂාව දැනටමත් තියනවා කියන දේ ජිමින්ට දැනෙන්න ඉඩ දුන්නා....
" මිනී.. ටේහියුන් ටික දවසකට කලින් මගේ office එකට ආවා... එයාට ඕනලු ඔයා එක්ක කතා කරන්න... ඒකට මගෙන් permission ගන්න තමයී එයා මාව මුණගැහෙන්න ඇවිත් තිබුනේ..හ්ම්...ඔයාලා කතා කරන්න මන් යන්නම්..."