ජිමින් වෙනදා වගේම උදෙන්ම නැගිටලා එයාගෙ වැඩ ඉවර කරගෙන ගුකීගේ කෑම හදලා එයාට කවන ගමන් හිටියේ.. එක පාරම bell කරන සද්දෙ ඇහුන ගමන් ජිමින් එයාව කාමරේ පරෙස්සමින් තියලා පහලට ආවේ කවුද කියලා බලන්න..දොර ඇරලා බලද්දී එතන හිටියේ වෙන කවුරුත් නෙවෙයි.. ජියෝන්...එයා හිතුවා වගේම ජිමින් පුදුම උනා උනත් එයා ජන්කුක්ව දැක්ක ගමන් බිම බලාගත්තා...ගෙදර ඇතුලට එන ගමන් ජන්කුක් මිනීව උණුසුම්ව වැළඳගත්තා.. ඒත් මිනීට ඒක අපහසුවක් උනා..
" මිනී..මගෙත් එක්ක තරහ නැ නේද මැණික..පරක්කු උනාට sorry..."
ඇස් වල පිරෙන්න යන කඳුළු ජිමින් නතර කරගත්තේ ගොඩක් අමාරුවෙන්..
" ඔයාට මහන්සි ඇති නේ... wash කරගෙන එන්න.. මන් කෑම හදන්නම්..."
ජන්කුක්ගේ ලඟින් ඈත් වෙන ගමන් එයා කිව්වා..
" හ්ම්.. මන් ඉක්මනට එන්නම්... කෝ මගේ ගුකී... "
ජන්කුක් එහෙම කියන ගමන් මිනීව පහු කරගෙන ගියේ එයාලගේ කාමරේට... මෙච්චර වෙලාවක් හංගගෙන හිටපු කඳුළු කැට එක පෙළට කඩාගෙන වැටෙන්න පටන් ගත්තා..ජිමින් ඒවා අත් දෙකෙන්ම පිහින ගමන් කාමරේට යද්දී එයා දැක්කේ පුංචි පැටියා එක්ක හුරතල් වෙන ජන්කුක්ව..එයා ඒ දිහා බලාගෙන ඉඳලා ආයිමත් හැරිලා kitchen area එකට ආවෙ කුකීට කෑම හදන්න..
මිනීගේ හිත ඇතුලේ ප්රශ්න ගොඩක් තිබුණා..ජන්කුක්ගෙන් මේ ගැන අහන්නේ කොහොම ද කියන එක ගැන එයා කල්පනා කරන්න පටන් ගත්තා...ඒ වගේම ජිමින් මේ ප්රශ්නෙ නිසා ගොඩක් මානසිකව වැටිලා හිටපු නිසා එයාට පුළුවන් ඉක්මනට මේක ගැන ජියෝන් එක්ක කතා කරන්න ඕනි උනා ...
කෑම හදලා මේසේ උඩින් තියලා ටිකකින් ජන්කුක් kitchen එකට ආවා..ජිමින් හිටියේ ජන්කුක්ට Coffee එකක් හදන්න ලෑස්ති කරන ගමන්... එයා හිමින් මිනීට ලං වෙලා සිහින් ඉණ වටේට අත් යවන ගමන් එයාව තුරුල් කරගත්තා..
" මිනී..."
ජන්කුක් කතා කරත් මිනී කිසිම දෙයක් කියන්න ගියේ නෑ..එයා එයාගෙ පාඩුවේ Coffee හදනවා.. ජියෝන් එයාගෙ මූණ මිනීගේ බෙල්ල මුල තියලා දවස් ගාණක් ඈත් වෙලා තිබුණු මිනීගේ සුවඳ විඳින්න පටන් ගත්තා..