******************************************
Jungkook pov
" ඔහොම නවතින්න "
" අනේ........පොඩ්ඩක් නවත්තන්න "
" කරුණාකරලා "
බස් හෝල්ඩ් එකට එද්දිම මාව පෙනි පෙනීම ඇද්දුව බස් එක දැකලා මං කොච්චර කෑ ගැහුවත් වැඩක් උනේ නෑ .
" දැන් ඉතින් පයින් තමයී යන්න වෙන්නෙ "
හුස්මක් පාතට දාලා මං අතේ බැදන් ඉන්න ඔරලෝසුව දිහා බලලා කිව්වෙ අටට කලින් ඔෆිස් එකෙ ඉන්න ඕන නිසයි. කොච්චර අමාරුවක් ඇගට දැනුනත් කකුල් ඉක්මන් කරලා මං ඔෆිස් එකට යන්න පටන් ගත්තා.
කන් දෙපැත්තෙන් දාඩිය බේරෙද්දි කරෙ එල්ලන් හිටිය බෑග් එක ඇතුලට අත දාලා ගත්තු ලේන්සුවෙන් මං ඒවා පිහදාගත්තා. බඩේ පණුවො බොක්සිං ගහන්න පටන් ගත්තත් මං ඉවසගෙන ඔෆිස් එකට ගියේ පඩි හම්බෙනකන් අතෙ තියන පිච්චිය කෑම වලට වියදම් කරන්න බැරි නිසා.
" ඔහ් ජන්කුක්.........මොකද මේ දාඩිය දාගෙන "
තට්ටු අටක් උස අපේ ඔෆිස් බිල්ඩින් එකට ඇතුල් වෙද්දිම රිසෙප්ෂන් එකේ හිටිය ටාන්‍යා අහද්දි මං අහිංසක විදිහට හිනාවෙලා නම අත්සන් කරලා ලිෆ්ට් එකට ගියා.
" මහන්සියි "
ඇත්තටම මට හොදටම මහන්සියි. හිතටයි ගතටයි දෙකටම මේ පීඩනේ දරාගන්න හරි අමාරුයි. ඒත් මොනා කරන්නද ? මේක තමා මගෙ ජීවිතේ !
" ඔහ් ජන්කුක්.......ඔයා ආපු එක හොදයි පොඩ්ඩක් මේ ෆයිල්ස් වල එකවුන්ට් ටික චෙක් කරලා දෙන්නකො "
වෙනදා විදිහටම මං මගෙ ටේබල් එකට යද්දිම කොහෙදො ඉදන් දුවන් ආපු මිස් ජෙසිකා මගෙ අතට ෆයිල් දහක් විතර දීලා එතනින් යන්න ගියා.
YOU ARE READING
• Mint Choco • [ TK ]
عاطفيةදගකාර අහිංසක මගේ ලෝකෙට කොහෙදෝ ඉදලා බලෙන් රිංගපු නපුරු දඩබ්බර ආඩම්බරකාරයා උඹ දරාගන්න බැරි තරමට පපුව පිරෙන්න ආදරේ දුන්නු එකම එකා උඹ මගෙ පිස්සු ශුංගියෝ දන්නවද ? ආදරේ කියන්නෙ මේ වෙරළේ තියන වැලිකැටයක් නම් මං මේ මුලු ලෝකෙම තියන වැලි කැටගානකට උඹට ආදරෙයි බ...