@Hotel
දොරට ගසන ශබ්දය
ජනු ඔයා ඇහැරිලද? මං මිහි
එන්න මිහි ඇතුලට දොර ලොක් කරලා නෑ
උබ ඊයේ රෑ නිදාගත්තේ නැද්ද?
නෑ බං මට නින්ද ගියේ නෑ
හිතට බයයි වගේද
හ්ම් ඔව් මේ මගේ පලවෙනි පාරනේ, මට ටිකක් බයයි.
බයවෙන්න එපා හැමදේම හොදින් සිද්ද වෙයි. මං ඔයාගේ ලගින් ඉන්නවා ජනු මිහි ජනුව බදාගනිමින් කිව්වා.
ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට
ඒක මොකක්ද මේ වගේ වෙලාවක ඔයාගේ හයියට මට ඉන්න බැරිනම් මගේ යාලුකමෙනුත් වැඩක් නෑ.දැන් හොද කෙල්ල වගේ ගිහිල්ලා ලෑස්තිවෙන්න තව පැයකින් වාහනේ එනවා කිව්වා.
ඔයා පහලට ගිහින් ඉන්න. මං එන්නම්
හා
මිහි I Love you my besta ( මං අත්දෙකින් හාට් එකක් හදලා පෙන්නන ගමන් කිව්වා.)
මං දන්නවා පිස්සු කෙල්ල. මිහි මට රවන ගමන් කිව්වා.
උදේ 8:45 වෙනකොට අපි Blue Moon හෝටලයට ආව.. එතන තමයි මගේ සම්මුඛ සාකච්චාව පැවැත්වෙන්නේ. මගේ තනියට හිටියේ මිහි, මගේ පෞද්ගලික ලොයෙර් සහ එක ආරක්ෂකයෙක් පමණයි. අපි එතනට එනකොටත් හෝටලයට විශාල ආරක්ෂාවක් සපයලා තිබුනේ. එතකොටයි අපි දැනගත්තේ අපිට අමතරව අද තවත් පිරිසක් times සගරාව සමග සාකච්චාවට සහභාගී වෙනවා කියලා. එකයි එතන දැඩි ආරක්ෂාවක් තිබුනේ. සාකච්චාව ආරම්භ වෙන්න තිබුනේ 9:30ට උපරිම විනාඩි 45ක් තමයි වෙන්කරලා තිබුනේ. මුලින් දීලා තිබුනේ විනාඩි 15 යි. ඇමරිකාවේ best selling පොත් අතරට ආපු නිසයි එකත් විනාඩි 45උනේ. එතැනින්ම මට තේරුණා අපිව කොයි තත්වෙන්ද ඒ මිනිස්සු මනින්නේ කියලා. මොනවා කරන්න ද හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගෙන ඉස්සරහට මුහුණ දෙනවා.
@Bts hotel
අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ..........
ජින් හ්යුන්ග් මොකක්ද ඒ සද්දේ?
Taehyung බාගෙට අරුණු දොරෙන් ඔලුව එලියට දාගෙන ජින් හ්යුන්ග් ගෙන් ඇහුවා.ඕ, good morning taehyung මොකෝ අද වේලාසන නැගිටලා?
මොකක්ද හ්යුන්ග් ඔය, taehyung ජින් ගේ phone එක පෙන්වන ගමන් ඇහුවා.
මේ මගේ phone එකනේ මොකද ඔයා මේක phone එකක් කියලා දන්නේ නැද්ද?
ආයිෂ් හ්යුන්ග් මං ඇහුවේ සින්දුව මොකක්ද කියලා
අන්න එහෙම හරියට අහන්න ඔය පිටසක්වල භාෂා වලින් අහන්නේ නැතුව මේක තමයි සිරි ලංකාවල අය උදේට නැගිටින කොට අහන සින්දුව.
හෑ කොහේ කිව්වා.
සිරි ලංකා
හාකෝ හාකෝ එහෙනම් මං යන්නම්
යන්න කොහේ යන්නද දැන් නැගිටලා ඉන්න එකේ පොඩි උදවුවක් කරනවකෝ
ඒපාර මොකක්ද හ්යුන්ග්
ගිහින් අනිත් එවුන් ටික ඇහැරවන්න, මටත් කියලා ඉදලා හිටලා හරි පොඩි වෙනසක් තියෙන්න එපැයි හැමදාම මේ ඇහැරවන වැඩ කරන්න බෑනේ.
ජින් වේගෙන් කියාගෙන ගියා.
ඒ පාර මොකද මගේ මුණ දිහා බලන් ඉන්නේ ගිහිල්ලා කිවුවා වැඩේ කරනවා.
උදේට හ්යුන්ග් කොච්ච්ච්ර ලස්සන කියලද බැලුවේ.
ඔයා කියන්න ඕන නෑ මං දන්නවා මං කොච්චර ලස්සනද කියලා. You know i'm world wide handsome
අනේ දෙයියනේ මේවා දෙයියොම බලාගන්න ඕන taehyung අත් දෙකත් උඩට උස්සගෙන කන්නලව් කරමින් අනිත් අයගේ කාමර දෙසට ගියා.