six

0 0 0
                                    

Rm pov

ඊට පැයකට පමණ පසු සියලු දෙනාම සම්මුඛ සාකච්ඡව සදහා පිටත් වී ගියා
යන අතරමගදී සියලු දෙනාම තම පිටපත බලමින් පෙරහුරුවේ යෙදුනා.

"අපි කෙතරම් ලෝක ප්‍රසිද්ධ උනත් හිසේ කෙස් ගානට වඩා සම්මුඛ සාකච්චා වලට සහභාගී වී තිබුනත් පලවෙනි සාකච්ඡවේදී දැනුනු පීඩනය හැමදාමත් දැනුනා. කණ්ඩායම් නායකයා විදිහට තමන්ගේ ගෞරවයක් රැකගෙන අනෙක් අයගෙත් ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන්න මට හැමතිස්සෙම සිදු උනා. ඒක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් අපි සියලු දෙනාටම එකේ ප්‍රතිවිපාක විදින්න වෙනවා. හොද දේවල් ද? නෑ ඒකත් අන්තිම නරක දේවල්. අපිත් කැමතියි නිදහසේ ඉන්න කැමති විදිහට කතා කරන්න. නමුත් මේ ක්ශේස්ත්‍රය තුල අපිට ඕන ඕන විදිහට ඉන්න බෑ. අපි හරියට ප්‍රෝග්‍රෑම් කරපු රොබෝලා වගේ. පිටින් සාමන්‍ය විදිහට හිටියත් ඇතුලින් පාලනය කරනවා. හැබැයි පාලනයෙන් පිට පැන්නොත් දවසක ඒගොල්ලෝම අපිව ක්‍රියා විරහිත කරනවා. ඒක තමයි ස්වභාවය නැහැ හරි වචනය සැකැස්ම.

Script එකක් අතේ තියාගෙන කල්පනා ලෝකේ ගිලි හිටිය මං හැරිලා බැලුවේ මගේ පවුල දිහා. ඔව් ඒ මගේ පවුල එදා මෙදා තුර හැමදේම දරාගෙන මාත් එක්ක එකට හිටිය පවුල. අදටත් අපි එහෙමමයි. ලේ බැදීමක් නොතිබුනත් අපි එක පවුලක් වගේ. සාමාන්‍ය පවුලක සහෝදර සහෝදරියන් අතර සිදුවෙන හැම දෙයක් ම අපි අතරත් සිදු උනා. රණ්ඩු කරන එක, අඩන එක, හිනා වෙන එක, බනින එක, පොඩි එවුන් නලවන එක, ලොකු අය එක්ක හුරතල් වෙන එක, තනියෙන් කෑම, බෙදාගෙන කෑම, හොරෙන් කෑම, ගේ කණපිට පෙරලීම ඒකරලා ජින් හයුන්ගෙන් බැනුම් ඇසීම, බඩු කැඩීම, පරක්කු වෙලා නැගිටීම, දත් නොමැද සිටීම, කොච්චර ලෝකෙට කිව්වත් එක දවසක් හරි නාන්නේ නැතුව සිටීම, අනුන්ගේ දේවල් හොරෙන් අහගෙන සිටීම, තව ගොඩක් දේවල් අපි අතර සිදු උනා. හරියට සාමාන්‍ය පවුලක් වගේ. හැබැයි ඒ හැමදේම දන්නේ අපි විතරයි. කැමරාවට නොපෙනෙන ලෝකය. සාර්ථක වෙන්න වෙන්න අපිට අනිත් අය සමග ගත කරන්න තියෙන කාලය හරි අඩුයි. අපි හත්දෙනාට හත්දෙනා වෙනුවෙන් යොදවන්න තියෙන කාලය හරි අඩුයි. නමුත් ඒ ගැන අවබෝධයක් තියෙන නිසා ගැටළුවක් නැහැ. පුළුවන් හැම වෙලාවෙම එකට ඉන්න උත්සහ ගන්නවා. දවස කොච්චර වෙහෙසකාරී උනත් වචනෙන් හරි මං ඒගොල්ලෝ ගැන හොයලා බලනවා. මොකද ඒක මගේ යුතුකම මෙච්චරකල් මාත් එක්ක එකට හිටපු අය ගැන හොයලා බලන්න බැරි නම් මගෙන් වැඩක් නැහැ. මං හැම වෙලවෙම මගේ පවුලට ස්තුතියි වන්ත වෙනවා ඒ මීට අවුරුදු ගානකට කලින් මාව විශ්වාස කරලා කණ්ඩායමට බැදුණු එක. අතීතයේත් මාව විශ්වාස කලා වර්තමානයෙත් මාව විශ්වාස කරනවා, අනාගතයේදීත් මාව විශ්වාස කරයි. ඉතිං මගේ වගකීම තමයි විශ්වාසය කඩ නොකර රැක ගන්න එක.

long beachWhere stories live. Discover now