One shot

133 15 0
                                    

"මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්.නිව් ජර්සි නගරය හිම කුනාටු වලින් අවහිර වී ඇති අතර එමගින් මාර්ග තදබදයක් ඇති වී ඇති බව වාර්ථා වේ.ආරක්ශක්-"

ඉස්සරහා පේන තිරය දිහා ඔහේ බලන් හිටපු බෝල ඇස් තියෙන පුන්චි කොල්ලා හැම චැනල් එකකම යන මේ විකාර නිව්ස් එක අහන් ඉන්න බැරිම තැන රූපවාහිනි තිරය වහලා දැම්මා.

"නිහඩ උවත් ඇසෙන හැඩුම්
නොහැකිද නවත්තන්න තුහිනට
පායන්න හැකිනම් සූර්යයාට
වියැකී යාවිද ස්පන්දනය
වසන්නට මොහොතක් රුවන් ගෙයි
බලා හිදිමි ඒ පුර හද
මාසකට වරක් පෙනෙනා"

පුන්චි කොල්ලා අතේ තිබ්බ පුන්චි අත් පැලදුම තුරුල් කරගෙන මුමුනමින් ඉකි ගැහුවා

"පවසන්න එකවරක්
මායාවන් සැබෑවක් බව
මගේ සිතුවිලි තුල සැරිසරනා සියල්ල
සත්‍ය නොවේද
පෙනෙන හෝ නොපෙනෙන ලොවක
කමන්නෑ මම හිනාවෙනවා"

පුදුම කොල්ලාගේ මූනේ හිනාවක් ඇදුනේ ආයාසයෙන්මයි.රෝද පුටුවේ රෝද තල්ලු කරමින් ඔහු එහෙ මෙහෙ ගමන් කලා

"අදුරු වනය තුල
මුලා වී ද
පෙනෙන්නට නැත්තෙ
වියැකී බොදවී ද නුබ
වස්සානය අත ලග උවත්
තවම නැහැ දැනුනේ
ඩේලියා මල් වල සුවද මට"

ඔහු ඔහේ කැරකී කැරකී තමන් විසින් තැනූ ඒ කිසිවෙකුට නොතේරෙන කවි ගායනා කරමින් හෙමින් හෙමින් තම කකුල් පොලව මත තබමින් රෝද පුටුවෙන් බැස යාමට සැරසුනේ ඔහුට එයට ණය ගෙවීමට තවත් පසුම්බියට නොහැකියාවක් පවතින බව හගවමින්.සිත්ගන්නා සුලු ඔහුගේ යටිපතුල් සීතල නිසා රත් පැහැයට හැරී තිබුනේ මුලු සිරුරේ බර පාදයට යෙදෙන විට ඒවා තවත් රත් පැහැයට හැරී ගියේ පුන්චි කොල්ලා අසල තිබූ පියානෝව ආධාරයෙන් නැගීසිටියා කිසිවෙකු නොමැති හිඩ් කාමරයේ කුඩා ඇද තිර රෙදි හා පියානෝව පමණක් වූ අතර අසල තිබූ කුඩා රාක්කවල කවි ලියූ කොල කැබලි විසිරී තිබුනේ ඔහු නිදහස් රචකයෙක් බව හගවමින්

"මගේ ඩේලියා මල"

තමන්ට ඉදිරියේ ඇති හිස් අවකාශයට කතා කල ඔහු ඒ අවකාශයේ තවකෙකු ඉන්නා මෙන් බදාගත් විට එකවරම ඔහුගේ සමබරතාවය ගිලිහී ගොස් ඇදගෙන වැටෙන්නට ගිය නමුත් ඔහු වැටෙන්නට පෙර යමෙකු ඔහුව රෝද පුටුවට ඇද දැමුවේ පුදුමෙන් විසල් වූ බෝල ඇස් දෙක තවත් ලොකු කරමින් ඔහුව තල්ලු කල පුද්ගලයා දෙස බැලුවා.

Where We Are [Completed]Where stories live. Discover now