01

49 10 3
                                    

මම වෙනදා වගේම එපාට්මන්ට් එකෙන් එළියට බහිද්දිම වගේ මූණට මූණ ගැහුනෙ අල්ලපු ගෙදර කොල්ලව. අල්ලපු ගෙදර කිව්වෙ මගෙ එපාට්මන්ට් එකට එහා පැත්තෙ ගෙදර ඉන්නෙ කොන්ඩෙ බ්ලොන්ඩ් කරපු කොල්ලව.

" ගුඩ් මෝනින්... "

ඒක කියපු කට හොඳයි ගලක උලා ගන්න එක. ගිය හැටි විතරක් මාව තඹේකට මායිම් නොකර. දැන් කාලෙ හැදෙන පොඩි එවුන් නම් ගන්න දෙයක් නෑ. වැඩිහිටියන්ට ගරු කරන්නවත් දන්නෙ නෑ...

මම කිම් සොක් ජින්.. එතකොට අල්ලපු ගෙදර පොඩි කොල්ලා... අනේ මන්දා.. ඒ කොල්ලා මෙහෙට ඇවිත් දැන් මාස හයක්.. ඒත් තාම නම දන්නෙ නෑ. මන් ඉතින් ලේසියට කියන්නෙ මිස්ටර් බ්ලොන්ඩ් හෙයර් කියලා. මොකද මේ කොල්ලගෙ කොණ්ඩෙ අපේ හැල්මොනීගෙ කොණ්ඩෙටත් වඩා සුදු නිසා.

ලිෆ්ට් එකට දඩ බඩ ගාලා නැග ගද්දි සුදු කොණ්ඩ කොල්ලත් ලිෆ්ට් එකේ හිටියා. මන් ඇතුළට ආවා විතරයි ඒකා එහාට වුණේ හරියට මට බෝවන රෝගයක් තියනවා වගේ. ඒ මදිවට මගේ දිහා බල බල නාහෙත් හකුළුවනවා.. යා මම බේබි සබන් ගාලා හොඳට නාලා මේ ඉන්නෙ සුවඳ මලක් වගේ...


මන් ලිෆ්ට් එකෙන් බැහැලා මගේ කාර් එක ගන්න කාර් පාක් එකට යද්දි ඒ කොල්ලා ගියේ බස් හෝල්ට් එකට. අහල පහළ ගෙවල් වල ඇන්ටිලා ටික කිව්ව විදියට නම් ඔය කොල්ලා යුනිවසිටි බෝයි කෙනෙක්ලු. ඉන්නෙ ලාස්ට් ඉයර් එකේලු. එහෙම බැලුවොත් කොල්ලට වයස විසි තුනක් විතර ඇති. එහෙව් පොඩි එකා වයස විසි හතක් වෙන මට දාන රෙස්පට් තමා පේන්න බැරි. වෙලාවක ඔය සුදු රෙදි හොරාගෙ කොණ්ඩ ගස් ටික ගලවන්න හිතයි මට කරන වෙනස්කම් වලට.

මන් එහෙම්ම කාර් එකත් අරන් ආවෙ කම්පැනි එක. වෙලාව බලද්දි දහයයි. අද පරක්කු වෙලානේ.. අවුලක් නෑ ඉතින්.. මමනෙ කම්පැනි එකේ බොස්.

" ජින් හ්යුන්. අද ට්‍රේනින් එම්ප්ලෝයීස්ලා වගයක් ඇවිත් ඉන්නවා සෝල් යුනි එකෙන් මෙහෙට. "

ඒ ආවෙ යුන්ගි. මගෙ සෙකට්‍රි. මොනා වුණත් හොඳ එකා.. හැබැයි නිදා ගත්තම. තියෙන්නම මහ නොසන්ඩාල කටක්. මම බොස් වුණාට ඌ කතා කරන්නෙ හරියට මෙතන බොස් ඌ වගේ කොයි වෙලෙත්.

" කී දෙනෙක් ඇවිත්ද. "

" දෙන්නෙක් ඇවිත්. ගර්ල් කෙනෙකුයි බෝයි කෙනෙකුයි. "

" ඒ දෙන්නව මන් ළඟට එවන්න. "

" හරි. "

යුන්ගි ගිය අතරෙ මන් සයින් කරන්න තිබුණු ෆයිල් වගයකට සයින් කරලා දැම්මා. කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහුණු නිසා මන් ඇතුළට එන්න කිව්වෙ ඒ අර යුන්ගි කිව්ව බෝයිතුයි ගර්ල්තුයි කියලා දන්න නිසා.

" කම් ඉන්.. "

මන් ෆයිල් එකෙන් ඇස් ගද්දි දැක්කෙ මගෙ ඉස්සරහා ඉන්න ඒ දෙන්නව. ඕ ෂිට්..  මෙයා මොකද මෙතන. ඒ හිටියෙ මිස්ටර් බ්ලොන්ඩ් හෙයර්.

Mr. Blonde Hair ||Namjin|| Ongoing Where stories live. Discover now