02. දෙවන පරිච්ඡේදය 💙🌙

80 12 3
                                    

_____________________________________________________🐯💙🐰

ජුන්කුක්ට දැනුනේ තරමක උණුසුම් හැඟීමක්. මෙච්චර වෙලා තමන්ගේ ශරීරය වහ ගෙන තිබ්බ අයිස් වගේ සීතල ටිකෙන් ටික නැති වෙලා යනවා කියලා එයාට දැනුනා.

සෙමෙන් සෙමෙන් ඇස් තටු විවෘත කරපු ජුන්කුක්ට දැක ගන්න පුළුවන් වුනේ තම දෙතොල් සිප ගන්නා තරුනයෙක්වයි. ජුන්කුක්ගේ ඇස් ටීක් බෝල සයිස් වුණා. ජුන්කුක්ගේ බෝල ඇස් දැකලා ඒ තරුණයත් ගැස්සුණා.

"යා......කේසෙක්කියා ... මොන හු#### යකෝ කරන්නේ ???? "

ජුන්කුක් තම සිරුරේ සියලු වීරිය යොදා තමා වෙත නැඹුරු වී සිටි තරුණයාව තල්ලු කරලා දැම්මේ අර තරුණයගේ බෝල මස් පිරුණ පසුපස ගල්තලාව සිප ගන්නා ලෙසට. ඒ සැනෙන් තම ශරීරය කෙළින් කර ගත් ජුන්කුක් වට පිට බැලුවේ අර නොහොබිනා තරුණයාට ගහලා දාන්න ගල් කැටයක්වත් හොයා ගන්න අදහසින්.

"කරුණාකර කලබල නොවන්න. මා ඔබට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දුන්නා පමණයි. "

ඔහු කඩවසම් තරුණයෙක් විය. මීපැණි මෙන් දුඹුරුවන් දිගැටි ඇස්, ළා රෝස පැහැති දෙතොල් , ඝනකම් ඇහිබැමි, තරමක් දිගු තෙතබරිත කළු කෙස් කළඹ ඒ තරුණයාගේ කඩවසම් මුහුණ තවත් බැබලවීමට උපකාරී වුනා.

නමුත් ජුන්කුක්ට කල්පනා කරන්න තිබ්බ එකම දේ ඒක නෙවෙයි.

ඒ ජරා කොල්ලා ඇඳගෙන හිටියේ අතීත ජෝසන් රාජ සමයේ මිනිසුන් ඇඳ සිටි ආකාරයේ ඇඳුමක්. එයාගේ වචන උච්චාරණය ද අතීතයට සමාන වුණා.

ඉක්මනට වටපිට බලපු ජුන්කුක්ගේ දෙනෙත් වලට තමන්ගේ වටා මී මැසි පොදියක් වගේ රොක් වෙලා ඉන්න මිනිස්සු රංචුවකුත් ඇහැ ගැටුනා.

" මේ කවුරුන්ද? "

" මා මොහුව මෙයට පෙර නම් දැක නැහැ. "

"කොහේ සිට පැමිණි කෙනෙක්ද ?"

" අපේ දේශයේ නම් නොවන හැඩයි. පිට රාජ්‍යයක වැසියෙක් වගේ "

" දියේ ගහගෙන යද්දී බේර ගෙන තියෙන්නේ". දැක්ක හින්දා හොඳයි."

"පව් යාචකයෙක් ද කොහෙද ? අර වස්ත්‍රත් ඉරිලා." කව්දෝ කෙනෙක් ඔහුගේ ripped jeans දෙස බලා පැවසුවා .

Love under the Blue Moon 💙🌙Where stories live. Discover now