03. තුන්වන පරිච්ඡේදය 💙🌙

58 9 4
                                    

" බිය වෙන්න එපා. ම්ම්ම්.... මගෙන් ඔබහට කිසි කරදරයක් කරන්නේ නෑ. ඔබට කිහිප දිනක් මෙහි නවාතැන් ගැනීමට පුළුවන් "

ජුන්කුක් ඒත් නිහඬයි. ඇස් බෝල් කරන් වෙදැදුරුතුමා දිහා බලාගෙන ඉන්නවා විතරයි.

කනට ගහපු මිනිහගේ ගෙදර කොහොමද දවසක්වත් නවතින්නේ. ඒ තියා මාව කිස් කලත් එක්ක මේ වල් හිකනලා..ugh...අර බලන බැල්ම... මාව මරන් කන්න වගේ. Oh God !!! මාව බේරගන්න ....  ජුන්කුක්ගේ ඔළුව ඇතුලේ එකම යුද්ධයයි.

" මගේ නාමය කිම් නම්ජුන්. ඔබට ඔබේ නාමය පැවසිය හැකිද ?? "

මකර ඇස් එක්ක සද්දන්ත ඇඟක් තියෙන වෙදැදුරුතුමා ටිකක් සද්දෙත් එහෙම අහද්දි තමා ජුන්කුක් හරි සිහියට ආවේ.

"ආ... මන්ද...මං ජියෝන් ජුන්කුක්..."

" ඔබව හඳුනාගැනීම සතුටක් ජුන්කුක් . මම තමයි මේ ගම්මානයේ සිටින වෙදැදුරු. මේ තමයි මගේ කුඩා සහෝදරයා කිම් තේහ්‍යුන්. ඔබට මතකද ? ඔහු තමා ඔබව ගගේ ගසා ගෙන යද්දී බේරා ගෙන තිබෙන්නේ. "

" බේර ගත්ත එකට මොහු හොඳට කලගුණ සැලකුවා . මාගේ කම්මුලට පහරක් ගසා "

ටේහ්‍යුන් එහෙම කිව්වේ ජුන්කුක්ට මාරන්තික බැල්මක් දෙන ගමන්.
ජුන්කුක් කනස්සල්ලෙන් බිම බලා ගත්තා. එයා දන්නවා මේ යක්ෂ කොල්ලා එක්ක මුළින්ම පැටලුනේ එයා තමයි කියලා.

" ඒ අවස්ථාවේ මොහු කලබලවී සිටින් නැත්තේ.... අනික අද පටන් මොහු මා යටතේ සිටින රෝගියෙක්. එනිසා ඔබේ නපුරු ගති ටිකක් අඩු කරගෙන මොහුට හොදින් සලකන්න. ඔබ ඔහුව බිය කරවනවා. "

" බිය වෙන්න.. හහ්.. මොහු අතදරුවෙක්නේ. තව ටිකකින් හඬාවී. එවිට ඔබම නළවගන්න "

දත්මිටි කමින් අඳුරු කර ගත් දෑසින් ජුන්කුක්ට රවපු තේහ්‍යුන් එතනින් පිටවුනේ සැඩ සුළඟක් වගේ.

" ඔහුව ගනනකට ගන්නෙපා ජුන්කුක් . කුඩා කල පටන්ම ඔහු කුකුළු කේන්ති කාරයෙක්. පැමිණෙන්න , මම ඔබට ඔබේ කාමරය පෙන්නන්නම්. "

Love under the Blue Moon 💙🌙Where stories live. Discover now