🖤Chapter 6🖤

31 5 0
                                    

Author's Pov

ඊළඟ දවස උදා උනා. අදනම් නම්ජූන් ගෙදර හිටියා. සෝරි ට ඇහැරුනාට නම්ජූන්නම් හිටියේ තාම නිදාගෙන. නම්ජූන්ගෙ ගෙදරට ඇවිල්ලා දවස් දෙකතුනක් උනාට සෝරි දැකලා තිබ්බේ නම්ජූන්ගෙ කාමරේ බිත්ති හතර විතරක් නිසා සෝරි නම්ජූන් නිදි අතරෙ නම්ජූන්ගෙ ගේ පුරාම ඇවිදලා බලන්න හිතුවා .

"Ughh . මේ ගෙදර එක ගෑනු පරාණයක්වත් නෑනෙ. මේගෙදර ජීවත් වෙන උන් g*y ද ? "

" ආආආ!!!"

සෝරිව දැකලා එකපාරටම බය වෙලා එහෙම කෑ ගැහුවෙ ටේහ්‍යුන්.

" අයියෝ කෑ ගහන්න එපා !! නම්ජූන් ඔප්පට ඇහැරුණොත් මම ඉවරයි"

" ආහ් ඔයා හ්‍යුන්ග් ගෙ වයිෆ් නෙද ? වඩින් එකෙන් පස්සෙ ඔයාව දැක්කෙත් අද එක ගෙදර ඉදලත්. "

" ඔව් ඉතින් ඔයාගෙ හ්‍යුන්ග් එයාගෙ කාමරේට දාලා මාව හිර කල්ලනේ තියන් ඉන්නේ. "

" ඉතින් ඔයා මොනාද මේ හැමතැනම ඇවිද ඇවිද කරන්නේ. හදිස්සියෙවත් වෙන කවුරුහරි දැක්කොත් හ්‍යුන්ග්ට කියයි. "

" හ්ම්ම් .. අනේ කමක් නෑ. එයා දැනගත්තත් මොනා කරන්නද? මම පැනලා යන්න හැදුවෙ නෑනෙ"

" හහ් ! ඔයා අපේ හ්‍යුන්ග් ට බය නැද්ද ?"

" බයකුත් තියෙනවා. ඒත් මුල් දවස් වල තරම් දැන් නෑ. මම එයාට කැමතී "

" ඔයානම් මහ පුදුම කෙනෙක් නූනා"

" නූනා ? ඔයා මට නූනා කියන්නේ කොහොමද ? ඔයාට වයස කීයද ?"

" 24යි. "

" මට 22යි . "

" ඕහ් මියානේ. එහෙනම් ඔයාගෙ නම..."

" සෝරි.. ලී සෝරි "

"ඕහ් . මම ටේහ්‍යුන්ග් . "

🔫 🔫🔫🔫 💥💥...

ඒ දෙන්නා කතා කර කර ඉන්න අතරේ එලියෙන් ලොකු වෙඩි සද්දයක් ඇහුනා.

" ට්.. ටේහ්‍යුන්ග් ෂී.. ඒ..ඒ මොකද්ද ?"

" ම්..මම දන්නෙත් නෑ. ."

🔫💥

ආයිමත් වෙඩි සද්දයක් ආවා.

ටේහ්‍යුන්ග් නුයි සෝරියි දෙන්නම බය වෙලා . ඒ අතරේ එතනට දුවගෙන ආවා ජිමින් ටේහ්‍යුන්ග්ව හොයාගෙන.

Let's Have A Sip Of Champagne 🍻🖤Where stories live. Discover now