01

188 34 7
                                    

" මේ proposal එකට ඔයා කැමති වෙන්නම ඕනෙ, මගෙ තීරණය අවසාන තීරණය " රාධිකාගෙ තාත්තා එහෙම කිව්වෙ දිගින් දිගටම තමන්ට විරුද්ධව තර්ක කරන රාධිකාව නිහඬ කරවන්න හිතාගෙන.

" මට අවුරුදු 21යි, මම පටන් ගත්ත ඩිප්ලෝමා එකවත් ඉවර කරන්න දෙන්නෙ නැද්ද?" ඇය එහෙම ඇහුවෙ හැඬූ කඳුලින්.

" එයාලා ඔයාට ඉගෙන ගන්න දෙනවා කිව්වනෙ බැන්දට. අනික ඒ පුතා එක්ක රට ගියාම , ඔය ඩිප්ලෝමා වලින් වැඩක් නෑ" එහෙම කියපු ඇගේ පියා නැගී සිටියෙ නිවසින් පිට වෙන්න බව ඇයට තේරුණා.

රාධිකා , කොළඹ තට්ටු නිවාසයක සාමාන්‍යය පවුලක එකම දරුවා. තමන්ගෙ දරුවට හොඳ අනාගතයක් ලබා දෙන්න හිතාගෙන, දෙමව්පියන් ඔවුන්ගෙ ධනවත් මිතු‍රෙක්ගෙ පුතෙක් හා රාධිකාව විවාහ කරවන්න එකඟ වෙනවා.

මැදපෙරදිග රැකියාව කරන තමන්ගෙ සෙල්ලක්කාර පුතාව මෙල්ල කරන්න හිතාගෙන මේ යෝජනාව කළ බව දැනගෙන හිටියේ නිර්මාල් ගෙ දෙමව්පියන් විතරයි .

මාස තුනක් ඇතුළත සියල්ල තීරණය වෙලා නිර්මාල් ගෙ මනාලිය ලෙස ඔහුගෙ අතගන්න රාධිකාට සිදු වෙනවා. තමන් සතුටින් ද නැද්ද යන්න වග ඒ වෙද්දි ඇයට තේරුම් ගන්න අපහසු වුණා. ඒත් නිර්මාල් වගේම ඔහුගෙ මව්පියන් ඇයව හිස මුදුනින් පිළිගන්නවා. නිර්මාල්ට මුලින් අකමැති වුණත් , ඔහු ඇයට ලබා දුන් සැලකුම් එක්ක මේ විවාහයට එකඟ නොවී දෙමව්පියන් සමග බහින් බස් වීම අපරාදයක් කියලත් ඇයට හිතෙනවා.

සති දෙකක් පමණ ගෙවෙද්දි රාධිකාට දැනෙනවා ඇඟට අමාරු ගතියක්. ඒ එක්කම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක්. වඩා හොඳින් පරීක්ෂා කරද්දි ඇය දකිනදා වතුර බිබිලි වගේ බිබිලි ලිංගාශ්‍රිතව තියෙන බව. ඇයට දැනුනෙ දරාගන්න අමාරු වේදනාවක්.

නිර්මාල් ඇයව සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න උත්සහ කළත්, ඇගේ කීමට ඔහු ඇයව අවසානයේ රෝහලට රැගෙන යන්න එකඟ වෙනවා. ඇයව පරීක්ෂා කළ රෝගීන් ඇතුළත් කරන අංශයේ වෛද්‍යවරයා ඇයව ඇතුළත් කරන්නෙ නාරිවේද වාට්ටුවට. ඒ වාට්ටුවෙන් ඇයව යොමු කෙරෙනවා ලිංගාශ්‍රිත රෝග සායනයට.

⭕The Hidden ⭕Tempat cerita menjadi hidup. Temukan sekarang