පලවෙනි පරිච්ඡේදය

9 5 0
                                    

පැරිස් නගරයෙ කෙලවර කුඩා විදියේ පිහිටි පොත් සාප්පුවට පිය මනිමින් සිටි ඇගෙ අතෙ රවුම් සිනී තැවැරු උනු පාන් පාර්සලයක් විය.සෑම තැනම අදුරෙන් අරක්ගෙන තිබුනා.විදියෙ තැනක එහෙන් මෙහෙන් දැල්වු විදුලි පහනක ආලෝකයෙන් ඇගේ ගමන් මග පැහැදිලි විය...එන්න එන්නම අදුරුවන පරිසරයේ සීතල සුලං ඇගෙ දැවැටෙමින් ඈ සමග මිතුරු වෙන්න දගලති.

ඇතුල් විමත් සමගම දොරෙ එල්ලා තිබුනු කුඩා සීනුව සෙලවි නද දුන්නෙය.මහළු කාන්තාවකට අයත් එම සාප්පුවෙන් වැඩි මුදලක් හමුනොවුනත් ඈ එහි වැඩ කලේ පොත් කියවන්නට ඇති රුචිය නිසාමය.

දහවල් කාලයට ද රාත්‍රි කාලයේද එහි වාසය කල ඈ තම කුලි නිවසට පැමිනියෙ බොහොම කලාතුරකිනි.

රවුමට සැකසුනු සුවපහසු අසුනක් මත හිද ගත් ඈ පොත් රාක්කයට බරක් නොවි හීනියට ඔලුව තියගත් ඈ අතට ගත් පොතෙහි කොන නවා තිබුනු පිටුවට පෙරලා කියවන්නට හදද්දිම නැවැත සීනුවෙහි ශබ්දය ඇසුනි...මහලු කාන්තාවද කල් ඇතුවම නිවසට ගිය හෙතුවෙන් ඇගෙ හිතට චකිතයක් ඇතිවිය.වසා ඇති සාප්පුවට පාරිභෝගිකයෙකු නොපැමිණිනෙන බවත් ඇතුලු වූ අමුත්තා කවුරුන්දැයි යනු දැන ගැනිමට ඇගෙ සිත ඉවසුම් සුසුම් නැතිවිය.

තමා සිටින තැනට පමනක් එල්ල වු විදුලි ලාම්පුව හැර අන් ලාම්පු දැල්වි නොතිබුන හෙයින් දැඩි අදුරක් විය...

මෙරුවා උනත් ආලොකයට ඇදි එන්නක් මෙන් ආ අමුත්තාද ඈ අසල නැවතතුනි...

සාප්පුවෙන් එලිය දැල්වි ඇති විදුලි ලාම්පුවෙන් විහිදෙන ආලොකයෙන් ඔහුගේ හැඩරුව හදුනා ගත හැකි වුවද පැහැදිලි නොවුනි.

"සමාවෙන්න,මට මෙ පොත හොයාගන්න පුලුවන්ද?"

ඔහුගේ කටහඩින් ආ තැනත්තා පිරිමියෙක් බව වටහාගත්තාය.සාමාන්‍යයෙන් පොත් සාප්පුවට මිනිසුන් එන්නේ කලාතුරකිනි,ඔවුන්ද මැදි වයසේ හෝ මහලු වුවන් විය.හදිසියෙම තරුන කෙනෙකු පැමිනිම ඇගේ හිතේ යම් සැකයක්ද ඉපදවිමට හෙතු විය.

"සමාවෙන්න මහත්මයා අපි දැන් වහලා,කරුණාකර හෙට දින නැවත එන්න"

ඇය ඔහු දික් කල කොලයද නොරැගෙන පැවසු නිසා ,තවත් අඩියක් ඈ ලගට තිබු ඔහු අතේ තිබු කොලකැබැල්ල ඇගෙ අතේ ගුලි කර

"මං ආපහු හෙට එන්නම්"

නැවැත කුඩා සිනුවේ ශබ්දයන් ඔහු නිසැකවම පිටතටගිය බව හැගවුනි.

කොල කැබැල්ල තම සාක්කුවට දමා ගැනිමට පෙර ඈ එය කියවිමට වග බලාගත්තාය.

එය ඈ කියවමින් සිටි පොතහි නම විය.

"හ්ම්...ඔයාටත් යන්න කලේ හරි වගේ...

සුසුමක් පිට කල ඈ නැවැත තම ඉරියව්වට මාරු වුයේ හිරු උදාවිමට පෙර පුලුවන් තරම් පිටු ප්‍රමානයක් කියවිමට

.........................................................................

මහලු කාන්තාව පැමින පොත් එකිනෙක පිහි දැම්මා මිස නිම්මිව ඇහැරිමට ඈට සිත් නොදුනි.පෙර දිනයේ පොත කියවමින් සිටි පොත ද තුරුලු කරගනිමින් ඈට නින්ද ගිහින් තිබුනි...

පෙර දිනයේ නැවැත පැමිනෙන බව පැවැසු ඔහු එනතුරු ඈ නෙත් දල්වාගෙන පිවිසුම දොර දෙසද විදුරු වලින් විදියෙ දෙසද ඈ වරින් වර බැලමින් සිටි නමුත් ඔහු නොපැමිනිය නිසා ඇගේ බලාපොරොත්තු ද සුන් විය.

තමාගේ  අත අල්ලන විට විදුලි ලාම්පුවේ එලියට තමාට වඩා පැහැයෙන් යුත් ඔහුගේ අත පමනක් ඔහු වෙනුවෙන් ඇති පැහැදිලි මතකයක් විය.ඔහුගේ පෙනුම කෙසෙ ඇත්ද යැයි දැක බලා ගැනිමට ඇති ආසාව දවස් දෙක තුනක් යත්ම ඔහු නැවැත නොපැමිනෙන බව සිතෙන විට එම අදහස සිතින් අත් හැරුනි...

..............................................................................

සතියක නිවාඩුවකින් පසු  නැවැත පොත් සාප්පුවට පැමිනි ඈට අසන්නට ලැබුනේ වෙනස්ම දෙයකි.

"පසුගිය සතියෙම ඔයාව බලන්න ලස්සන කොළු ගැටයෙක් ආවා සුදු මල් පොකුරකුත් අරන්ම"

"මො...මොනාවා...මේ...මාව....

ඈ පුදුමෙන් අහද්දි මහලු කාන්තාව සිනා මුසු මුහුනකින් පවසා කුඩා හතරැස් කාඩ් කිහිපයක් අත තැබුවාය...බැලු බැල්මට ඒවා වියාපාරික කාඩ් පත් විය...

"ඔවා මල් පොකුරක් එක්කම තිබුනෙ...මල් පරවුන නිසා මන් විසික් කලා..."

පැරිසියේ ප්‍රසිද්ධ වෙලද වියාපාරයක නමක් සහිත එහි Ceo ලෙසද නම Kim Namjoon ලෙසද සටහන් වී තිබුනා.

.................................................................................

හායි හායි ....😙මෙක අලුත් එකක්....අලුත් පොතක අලුත් පරිච්ඡේදයක්...එහෙනම් ඊලග පරිච්ඡේදයෙන් හම්බවෙමු...

හිතට එන දෙවල් අකුරු කරලා කමෙන්ට්වල ලියන්නකො...

ගිහින් එන්නම්...

බායි යුනිකෝන්ස්😚❤

Forever with youWhere stories live. Discover now