Chasing The Dream

50 1 0
                                    

5.00 a.m. ⏰⏰⏰⏰

ආයිෂ් මේ එලාම් එක....

මං නිදිමතේම වැනි වැනිම ගිහින් එලාම් එක ඕෆ් කරා.දැම්ම ඇහැරෙන්න බෑ අෆ්ෆා. ආයෙත් ඇඳට වැටුණු මාව ඉද්ද ගැහුවා වගෙ නැගිට්ටුනෙ අද සිකුරාදා කියලා මතක් වෙලා

හුටා...අද ඉස්කෝලෙ යන්නෙපැයි....

ඒ ආපු ශක්තිය කෙලින්ම චාලක ශක්තිය ට හරවපු මම ටවල් එකත් අරන් bathroom එකට රිංගුවෙ ඉක්මනට මූණ හෝදගන්න.නැත්තම් school bus එක දාලා යාවි.එහෙම වුණොත් CTD එකේ ගාටන්න එපැයි.ඊට හොඳයි පයින්ම බද්දෙගම යනවා.

මහා මේ පාර O/L ලියන්න ඉන්න ළමයෙක් .එහෙමයි කියලා මම උදේම නැගිටලා පාඩම් කරනවද ? නෑ මිත්‍රවරුනි නෑ. මං විතරක් නෙවෙයි මගේ අතිජාත මිත්‍ර කැළත් එහෙමයි. අපේ සෙට් එකේ කවුරුවත් වැඩිය ඉස්කෝලෙ ගියෙත් නෑ. නමුත් අද යනවා මොකද අද තියෙන්නේ seminar එකක්. Seminar එකෙන් වැඩක් කෙරෙන හින්ද යනවා ඉතින්.

කොහොමහරි ඉස්කෝලේ ඇවිල්ලා උදේ රැස්වීමෙන් පස්සේ අපිව දැම්ම ප්‍රධාන ශාලාවට. මමත් ඉතින් මගේ අතිජාත මිත්‍ර කැළත් එක්ක ගිහින් වාඩි උනේ එක ළඟ තිබ්බ පුටු පේළියක.

"ඒ අද seminar එකට එන්නේ කවුද බං ? "

"Campus එකේ කට්ටියක් ලු බං "

"මොන කැම්පස් එකේ ද?"

" මං හිතන්නේ පේරේ"

මට එහා පැත්තෙ හිටපු එකා අහපු දේට මං උත්තර දුන්නා. ටික වෙලාවකට පස්සෙ හෝල් එකට අයියලා වගේකුයි අක්කලා වගේකුයි ආවා. ඔක්කොමත් හරි අපේ උන් ටික අක්කල ඇඳන් ආපු ඇඳුම්වලයි වලයි hairstyle වලයි ගුණ දොස් කියන්න ගත්තා.

කොහොමහරි ඒ ගොල්ල ඇවිල්ල පැය බාගයක් විතර යනකම් වැඩ කරන්න වුණේ නෑ. අපේ මීඩියා යුනිට් එකේ දෝෂයක්ලු. projector එක එක ගලවනවා උඩින් හයි කරනවා ආයෙත් පල්ලෙහායින් තියනවා , එක විකාරයයි. කොහොමත් media unit එකේ එවුන්ගෙ කට විතරයි.

කොහොමහරි වැඩේ සෙට් කරගත්තට පස්සේ vice principal ඇවිල්ලා ඒගොල්ලන්ට පිළිගැනීමේ කතාව කරා. ඊට පස්සේ පස්සේ අක්කා කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලො ගැන පොඩි හැඳින්වීමක් කරා. එතකොට තමයි දැන ගත්තෙ ඒගොල්ලො එක කැම්පස් එකකින් නෙමෙයි හැම කැම්පස් එකකින්ම එකතු වෙලා හදාගත්ත සංගමයක් කියලා. "සස්නක සංසදය " ඒක තමයි ඒගොල්ලන්ගෙ නම.

Chasing The Dream Where stories live. Discover now