chapter 05

5 2 0
                                    

හිතේ ප්‍රශ්න ගොඩක් තියාගෙන මන් මගෙ කාමරේට යන්න පිටත් උනා . මන් දැක්කා තුන් වෙනි තට්ටුවෙන් පොඩි එලියක් .මන් දෙපාරක් හිතන්නෙ නැතුව  තුන්වෙනි තට්ටුවට ගියාම මන් දැක්කෙ අර පුස්තකාලෙ කාමරෙ දොර අඩේට ඇරලා තියෙනවා .ඒ දොර ඇතුලෙන් තමයි එලිය ඇවිල්ලා තිබුනෙ .මන් දොරෙන් හෙමීට එබුනා

"තාත්තේ .ඔයා ? "

මන් ඒ කාමරේ වට පිට ඉක්මනට බැලුවෙ මට තිබ්බ හැමසැකයක්ම නැති කර ගන්න . පුදුමෙ කියන්නෙ ඒතන මුකුත් ම තිබ්බෙ නෑ .හැබැයි  ඒ  කාමරයේ බිත්ති 4ම යකඩින්  හදලා තිබුනෙ .එකම එක කුරසයක් විතරයි තිබ්බේ .

" තාත්තෙ .ඔයා ඇයි මෙතන .මොකද කරන්නෙ .ඇයි මේ පාලු කාමරෙ විතරක්   ලොක් කරලා තිබ්බෙ මේකෙ මුකුත්ම නෑ නේ ."

"මුකුත් නෑ  . මන් මේ නිදහසේ සිගරට් එකක් බොන්නයි ආවෙ "

තාත්තා එහෙම කිව්වෙ .පසුතැවිල්ලක් එක්කයි .ඒක මට තේරුනෙ ලොකු හුස්මක් අරන් අපි මෙතනින් යමු කියලා තාත්තා කිව්ව වේලාවෙයි .මේ බංගලාව හරිම අමුතුයි.මට තිබ්බ හැම සැකයක්ම මේ කාමරෙන් විසදෙයි කියලා හිතුවට තව තව ප්‍රශ්න හිතේ රැදුනා .

ඒනිසාම මට රෑ නින්ද ගියේම නෑ  .මන් facebook එකේ හොල්මන් කරේ ඒ හින්දයි .  හදිස්සියේම මන් හෙවනැල්ලක් දැක්කෙ එතකොටයි
"කවුද මේ ?" මන් ෆෝන් එකෙ ටෝච් එක ගහලා බලද්දී දැක්කෙ

නංගී. ඔයා කෝමද  ආවේ .
මන් ආවෙ මේ දොරෙන් .මගෙ කමරෙත් නංගිගෙ කාමරෙත් අතරේ දොරක්  .

" මෙහෙ එහෙම තමයි . හදිස්සියක් උනාම මේ දොරවල් පාවිච්චියට ඉස්සර හිටිය අය  හදපුවා .මගෙ කාමරේ ෆෑන් එක වැඩ නෑ  .මන් අද රෑට විතරක් ඔයා එක්ක ඉන්නම් ."

නංගීයි මායි නිදා ගත්තා .  එත් මගෙ හිතෙ සිහින ගැන මතක සැරින් සැරෙ ඇවිස්සුනා . 

හැම කාමරේම දොරක් තියෙනම් සිහින ගෙ කාමරේට යන්න තව දොරකුත් ඇති .මන් ඒ දොර මගේ කාමරෙන් හොයන්න පටන් ගත්තා . ඒ වෙනකොට නංගිට නින්ද ගිහින් තිබුනේ .ඒක මට ලොකු උදව්ක් උනා .හැම තැනම හොයලා අන්තිමට මන් නිකමට වගෙ අල්මාරිය ඇතුලෙ බැලුවෙ මන් ඕනෑම දෙයක් හංගන්නෙ අල්මාරියෙ නිසයි .මගෙ ඇදුම් අස්සෙන් මන් අල්මාරිය අරින්න උත්සහ කරා. ඇත්තටම මන් හිතුවා හරි ඒ දොර ඇරුනා .

සිහිනගෙ කාමරෙ මන් උදේ දැක්කට වඩා හාත්පසින්ම වෙනස් .පිලිවෙලක තිබුනූ කාමරේ හැම තැනම අවුල් වෙලා

පිලිවෙලක තිබුනූ කාමරේ හැම තැනම අවුල් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ටිකක් විමසිල්ලෙන් බැලුවා .මගෙ කකුලේ බාගෙට ඇරපු පෙට්ටියක්  හම්බුනා .මන් එක ඇතුලෙ බැලුවා .
මෙ සිහිනගෙ පොඩිකාලෙ දේවල්නේ .

එයාගෙ සෙල්ලම් බඩු ,කතන්දර පොත්.ඉස්කොලෙ යුනිෆොම්ස් එහෙම තිබුනා.මට සිහින ඉස්කොලෙදි පාවිච්චි කරපු හැදුනුම්පත හම්බුනා.

           
          
              Vealsland school
              Grade 03
               Sihina cullan

මොකක් sihina cullan ?

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now