🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🆃︎🆃︎🅴︎🆁︎ 🅾︎🅵︎ 🅻︎🅾︎🆅︎🅴︎
.
.
.
.
.
.
"ජාන්.......""ම්ම්......."
"Thanks ......"
"ඇයි යීබෝ.....?"
"අමතක නොකර මාත් එක්ක හිටියට..."
"එපා .....මමයි තෑන්ක් කරන්න ඕන...."
"ඒ මොකටද.....?"
"එදා කිව්ව ඒ වචන ටිකට...."
"මොන.....?"
"උඹ ගැන ගානක් නැති අයට
උඹ ගෑන වටිනාකමක් නැති අයට
උඹව තේරුම් ගන්න බැරි අයට
උන් හරි කියලා හිතන් ඉන්න අයටදවසක් එනවා හැමදේම තේරුම් යන
අන්න එදාට.....
උඹ වෙනස් වෙලා ඉදපන්.......""අවුරුදු 2ක් ගිහින්.....තාමත් ඒක මතකද.....?"
"ඔයාට ඒක නිකම් වචන ටිකක් වුණාට මගෙ ජීවිතේ changing point එක එතන කිව්වොත් මම හරි....."
"ජාන්......"
"ඔව් යීබෝ....ඔයයි මාව අලුත් මනුස්සයෙක් කරේ......"
"ඉතිං දැන් ඔයා අලුත් මනුස්සයෙක්ද.....?"
" අනිවාර්යයෙන්ම ඔව්......මම දැන් අලුත්ම කෙනෙක්....."
"ඉතිං ඒ අලුත් ජාන්ගෙ ළඟ යීබෝට ඉඩක් තියෙයිද.....?"
"අලුත් නිර්මාණයක් කරපු මනුස්සයට ඒ නිර්මාණෙ අයිතිය ලැබෙන්න ඕන නේද.....?"
"ඒ කියන්නෙ ඒ නිර්මාණෙ නිර්මාණකාරයට අයිතියි....."
" අනිවාර්යයෙන්ම ........"
"ජාන්......"
"ඔව් යීබෝ......ස්තූතී ආයෙමත්.....ඒ වගේම සමාවෙන්න ඔයාගෙ ප්රශ්නෙට උත්තර දෙන්න මම අවුරුදු දෙකක් ගත්තට....."
"ඉතිං අද උත්තරයක් දෙනවද....?"
"ඒ උත්තරේ දැනටමත් ඔයා දන්නවා....."
"මං ආසයි අහන්න....."
"මාව අලුතින්ම ගොඩනගපු ඒ නිර්මාණකාරයට මම ආදරෙයි.....I love you Yibo...."
"මැණික...."
"මට කියන්නෙ නැද්ද.....?"
"ආදරෙයි දෙයියනේ ආදරෙයි ....මගෙ හුස්ම.....I love you Zhan ....."
♡♡♡ kiss 💋💋💋♡♡♡
.
.
.
.
.එදා කිව්වා වගේ මීහුගෙ මතක සම්පූර්ණයෙන්ම අමතක කරන්න පුලුවන් කෙනෙක්ව මට හම්බුණා.....ඒ තමයි මගෙ යීබෝ....මීහු නිසා විශ්වාස නොකරන්න ඉදපු ආදරේ එයා හරි ලස්සනට ගොඩනැගුවා....මාව වෙනස්ම කෙනෙක් කරා....එයා තරම් මාව ඉවසපු කෙනෙක් තවත් නැතුව ඇති...මම වෙනුවෙන් අවුරුදු 2ක් එයා බලන් හිටියා කිසිම වෙනසක් නොකරම..ඒ ආදරේ පිස්සුවක් වෙන තරමට එයා මට ආදරේ දුන්නා.....තනියම....මම ආදරේ කළත් මම බය වුණා ඒ හැගීමට....ඒත් ඒ ආදරේ ඉස්සරහා මම පරාදයි....තවදුරටත් මට මාව අයිති නෑ.....මම එයාට ආදරෙයි .....මගෙ පළවෙනි ආදරේ එයා නොවුණත් සදහටම අන්තිම ආදරේ එයා .....එයා විතරමයි......Xiao Zhan සදහටම Wang Yiboගෙ විතරයි ......
ඉතිං මේ අපේ කතාව.....🆃︎🅷︎🅴︎ 🅼︎🅰︎🆃︎🆃︎🅴︎🆁︎ 🅾︎🅵︎ 🅻︎🅾︎🆅︎🅴︎......
The End......💞
💚❤️කතාව දැනුනද.....?
❤️💚 දැණුන දේ කියන් යන්න....මං ආසයි comment කියවන්න......
💚❤️ Vote Comment කරන හැමෝටම ස්තූතී💛❤💚🐢 ........
🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫
✍️තිසූ.......