CHAPTER 01

39 6 0
                                    


කොරියාවෙ සිහින නගරය වෙච්ච සෝල් නගරයේ අහස හැඩ කරමින් අදත් සූර්යයා පායා ආවේ සෝල් නගරයේ සැවොම අවදි කරමිනි....

උදදෑසන කුරුල්ලන්ගේ මිහිරි නාදයත්.. සූර්යයාත් සමගම අවදි වුනු පුන්චි මල් ගොමුවල මල් සුවදත් සමග හමන සිහින් සිසිල් පවනද එක් කරමින් සුන්දර නිවුනු පරිසරයක් සෝල් නගරෙය් දිස් වෙමින් තිබුනා...

එත් මේ සෝල් නගරයේ එක් විශාල මන්දිරයක් වැනි නිවසක ලොකු කලබලයක්...මේ ලොකු ගෙදර හුරතලේ වෙච්ච් චූටි බේබි අතුරුදහන් වෙලා...ඉතින් කලබල නොවී කොහොමද ? සුන්දර සන්සුන් පරිසරයට බම්බු ගහන්න කියල යටි ගිරියෙන් කෑ ගහමින් ගෙදර ඉන්න හැම මනුස්සයම චූටි බේබිව හොයන්නේ උදේම හරිම කලබලෙන්...


කෝ පුතාව හම්බුනාද...නැත්තං මට කියන්න එපා අදත් එයා ඔක්කොටම හොරෙන් වෙනදා වගේම පැනලා ගිහින් කියල



ගෙදර ප්‍රදානියා ගෙදර මුර කරන පුද්ගලයගෙන් එසේ ඇසුවෙ සන්සුන්ව නමුත් මදක් කෙන්තියෙන්...


ඒකට කමක් නෑ දැන් ඔයාල ඔයලගෙ වැඩක් කරගන්න. එයා හවසට එයිනෙ.. මන් එයා එක්ක කතා කරන්නම්..ඔයලා වැඩ කරන්න යන්න. අජුම්මා...!!! මගේ බෑග් එක ගේන්න..

මෙන්න මහත්තයා

ගෙදර ප්‍රදානියා අජුම්මගෙන් බෑග් එකත් අරන් නිවසෙන් පිටවෙලා ගියේ තමන්ගෙ කාර්යාලය සදහා ය...මේ අතරේ සෝල් නගරයේ සැමගෙ සිත් දිනාගත්.. ඒ සෝල් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පොඩි කොල්ලෙක් දනහිස් දෙකට අත් තියාගෙන බිමට නැමීගෙන හති අරින්නෙ විශ්වවිද්‍යාලය දෙස සිනාසෙමින් බලමින්‍ ය..

ටේ....!!!!!!

එවිටම විශ්වවිද්‍යාලය තුලින් හුරතල් පෙනුමක් තියෙන ගැහැනු ලමයෙක් මේ පිරිමි ලමය අසළට ආවේ එසේ කෑ ගසමින්. නමුත් ඇයගෙ හුරතල්කම ඇගේ මූනෙන්නම් නොපෙනුනා. ඒ වෙනුවට පෙනුනෙ..අපි ඒ ගැන කතා නොකර ඉමු..

ඕයි...තමුසෙ අදත් හොරෙන්ද ආවෙ..ගොබ්බ මීමින්නා...බලනව හැටි උදේම දාඩියත් පෙරාගෙන...කාලා ආවෙත් නෑ නේද ගොබ්බ පැටියා..මීට වැඩිය හොදයි...එනව යන්න හොදටම පරක්කුයි..

THE UNEXPECTED TRUTH [ ON HOLD ] Where stories live. Discover now