හිරු සහිත උදෑසන මෙන්ම චන්ද්‍රයා සහිත රාත්රියද මහීකතට ගෙන ආවේ එකිනෙකට වෙනස් අලංකාරයකි.
එහි අලංකාරය බවුන් වඩනා දේවයනුත් , යබොර සමග ඔට්ටුවන යක්ඛයනුත් , මුහුද දෙස බලා සිටින ආඩම්බර නාගයනුත් , රණකාමි රාක්ෂසයනුත් එක සේ දකී....
එහෙත් ඔවුන් සියල්ල දකිනුයේ එකම ගුවන බව නොදන්නා ලංකා දූපත්වාසීන් රියන් දහසක් දික්වූ ප්‍රාකාර වලින් තම මායිම් වටකොට එකම රාජ්‍ය , රාජ්‍ය සතරකට කඩා ගෙන ජීවත් වෙයි.
මෙහි ජීවින් වැඩි පිරිසක් යක්ඛයන් වෙයි , ඔවුන් රටෙහි ගිරිශිකරයන් මැදිකොටගත් මධ්‍යයම කොටසෙහි විශාල භූමි භාගයක් තුල පරමුකයෙකු ප්රමුඛ කොටගත් කුඩා ගම්මානයන් බිහිකරගෙන ඇත. යක්පුර ප්‍රධානියා රජෙකි....
දබරට නොයන අධ්‍යාත්මිකව දියුණු වූ උගත් පිරිසක් ලෙස සිටින දේවයන් යක්පුරට මායිම්ව දකුණින් ජීවත් වන එතරම් ජනගහනයක් නොවූ පිරිසකි. බුද්ධියෙන් පරිපූර්ණ පිරිසකි. ඔබට යමක් වෙන්නේ ඇයිද නොදන්නේනම් ඔවුන්ගෙන් ඇසූ කල ඔවුන්ට ඊට පිළිතුරක් ඇත නමුත් ලෙහෙසියෙන් ඔවුන් ඔබට දැනුම ලබා නොදෙන නිසා පිළිතුරක් ඔබට නොලැබනු ඇත. දේවපුර ප්‍රධානියාට "ප්‍රමුක සෘෂියන් " නමින් අමතයි.
දිවයිනේ බටහිර සිට නැගනහිරට වනතෙක් මුහුදු සීමාවන් නකපුරයට ඇතුලත් වෙයි. වෙනත් රාජ්‍යන් හා වෙළදාමට ප්‍රසිද්දියක් ඉසිලූ එහි තරමක් නානාවිධ වර්ණ පිරි අලංකාර භූමිබාගයක්ව තිබෙයි.
විවිධ විදේශිකයන් යන එන පාර තොටවල්ද , අලංකාර හා ශක්තිමත් නැව් තොටවල් වටකරගත් අලංකාර පුරයකි. එහි ආඩම්බර " පාලකයෙක් " සිටියි. දිවයිනේ සෑම රාත්‍රියකම පාහේ නාගපුර අඩනිරුවත් වෛශ්නාවන් සිටින මාවත්ද , බීමත් වංශවත් වෙළෙන්දුන්ද , වෛවර්ණ සැණකෙළිද වෙයි.
ඉදින් රාක්ශසයන් නොහොත දිවයිනට බත සපයන්නන් යක්ඛ පිරි විශාල මධ්‍ය නගරයත් වෙළදාමෙන් පිරි නාගයන්ටත් මැදිව විශාල හරිතවත් භූමියක වාසය කරයි එහි සොයාගත නොහැකි පැළෑටියක් නොමැති බව මුලු දිවයිනම දන්නා කරුණකි. එමෙන්ම විවිධාකර දරුණු සතුන්ගෙන් ගහනවේ. රාක්ෂසයන්ටත් ඔවුන්ගේ පාලකයෙක් වෙයි.
යක්ඛයන් විශාලම භූමි භාගය අයිතිවනවා වගේම දෙවනියට විශාල භූමිය අයිතිවන්නේ මොවුන්ටය. තෙවනුවට දිවයිනේ මුහුදු බඩ දිගේ පැතිරි ඉන්න නාගයනුත් අවසානයේ සුලුවශයෙන් දේවයනුත් වෙයි.
මොවුන් එක් වංශයක් තවත් වංශයක් හා මුහුනොවන සිත් ඇත්තන් වෙයි. මුහු වීමෙන් වංශයේ ජානයෙන් රුධිරයෙන් තමන්ට ලැබෙන බලයන් මුහුවුනු ලේ ධාතුවකට ලැබෙන විට දෙගුණ වේ යැයි ඇති බිය ඔවුන්සියල්ලන් තුළම ගැබ්ව පවති. එමනිසාම ඔවුන්ගේ විශාල මායිම් ප්රාකාරයන්ගේ දොරටු විශේෂ කරුණන් හැරුණු විට ලෙහෙසියෙන් විවෘත නොවෙයි.
කතාවස්තුවේ ඉදිරියට තවත් විස්තර සහිතව ඔබව හමුවෙමි.....
යුධංගන සමග එක්වන ලෙස ආදරණීයව ආරාධනා කරමි....
YOU ARE READING
යුධාගන
Fantasyරාජ්‍යත්වය උදේසා යුධ වදින රාජ්‍යන් සතරක් , අතීතයේ ලංකාවේ තිබූ වංශ හතර අලලා ගෙතුණු කතාවකි....