..02..

11 3 1
                                    

දේවදර තමා තල්ලු කොට දිවගිය ආගන්තුකයා ලුහුඹදිමින් ප්‍රාකාරයට ලංකර වවා ඇති පඳුරු ගොඩක් අසල නතර විය.

" ඔහු කොහෙද ? අවසනාවක මහත මගහැරුණනේ.... "

ඔහු ඉක්මනින් නැවත යායුතුයි. හුළු අත්ත නිවි ගියහොත් නැවත අවුලුවා ගැනීමට තමන් අග්නි වංශයේ නොවෙයි.. මියුදේවයන්ද  මෙහි නොවෙයි..... අඩුම සිහින් පොදයක් වැටෙන මේ වෙලාවේ එකට ඇතිල්ලිමට හැකි දර කෝටුද නොවෙයි.

ඉදින් දේවදර වටපිට බලා නැවත යාමට හැරුනා. එහෙත් ඔහුගේ සිතට අමුතු චකිතයක් ගෙන දෙයි

" අර අසමජ්ජාතියා එකවර අතුරුදන් වුනේ කෙසේද ? "

හුළු අත්ත දෙවරක් වනා අඩ නින්දේ සිටි ගිනිදැල් අවදි කෙරූ දේවදර ප්‍රාකාරය අසල ටිකක් සොදිසි කරන්න වුනා.

කිසිම අමුත්තක් නොවුනු තැන ප්‍රාකාරයට ලංව වැඩුණු පදුරුද ඇවිස්සු දේවදරයන් ඉදිරියට ප්‍රාකාරයේ ගැලවී තාවකාලිකව අටවා තිබූ ගලක් ගැලවී විත් දෙපා මුල වැටිණ.

" සොයායන්නා ජිවිතයේ අරුමය දකී "
සතුටින් කියූ දේවදර ගැලවිය හැකි බොරුවට තබා තිබූ ගල් ඉවත් කොට යක් පුරයට සම්ප්‍රාප්ත විය.

මේ දිවයිනේ විශාලම ජන පිරිසකගේ වාසභුමියයි. ඈතින් තැනින් තැන මිනිසෙකුගේ උසට සමාන උසක් සහිත කුළුණු සාදාඇත. ඒ කුළුණු  ඉහල ඇත්තේ පහනකි. ඒවයින් ඝනදුර කෙමෙන් අඩුව ඇත.

" මේවාමද අර ඉහලත් ඇත්තේ " දේවදර ඈතින් පෙනෙන කදුමුදුන් දෙස බලා සිටියා.

යක්ඛයන් වනාහී කදු ගිරි අසල හිදීමට ප්‍රිය කරන ජන කොට්ඨාසයක් බව නොරහසකි. කදු හා ඔවුන් අතර සැඟවුණු රහසක් ගැබ්ව පවතිනු ඇතැයි දේවදර තවදුරටත් සිතන්න උනා.

වටපිටාව බලමින් ඇවිදින මේ තරුණයා වරිච්චි බැද මැටියෙන් කල නිවාස දැකගන්න උනා. එවා උසස් නිමාවකින් සාදා ඇති බව පෙනේ.

ඒ නිවාස අතර තරමක් විශාල උස් වහලක් හා පඩියක් නැග යාමට සැදූ නිවසක්ද වෙයි.

" පරමුඛ මෙහි සිටිනවා ඇති "

ගම්මාන කිහිපයක් ,  පාලකයන් කිහිපදෙනෙකු සමග පාලනය වන බව අසා ඇති දේවදර තමාගෙන්ම විමසුවා.

" පරමුඛයන් සියල්ල රජෙකුට යටත් බවත් කියයි නේ . "

" හේ...... තෝ කවුරුන්ද ? හිටපන් ! "

ඈතින් රාත්‍රි මුරසංචාරයේ යෙදෙන් මුරභටයන්ගේ අවධානය දේවදරයන්ට ලැබෙත්ම ඔහු පසු නොබලා දිවයන්න විය.

" පසුව සලකන්නම් , දැන් මා බේරා ගන්න "
දේවදර තම දෙපාවන්ට වදිමින් තම උපරිම වේගයෙන් දිවයයි. අසුවුවහොත් දරුණු දඬුවමක් අත් වන බව දේවදර හොදින් දනී.

දේවදර වේගයෙන් මාවත දිගේ දිවයයි ඔහුට තරමක් දුරින් රාත්‍රි ආරක්ශකයන්ගේ හඩ ඇසෙයි.

" ආහ්... ! "
එක්වර කවුරුන්හෝ තමන්ව නිවාස දෙකක් අතර අඳුරු මුල්ලකට ඇදගෙන ගොස් වරිච්චි බිත්තියකට තද කොට කට අතින් වසා ගත්තා.

" සද්ද කරන්න එපා , එහෙම නැතිනම් මගේ කිනිස්ස තොගේ බොටුව හරහා බහී ! "
තර්ජනාත්මක ස්වරයක් තමන් අසලින්ම ඇසෙන සැටි දේවදර ස්වයංයමයෙන් බලාසිටියා.

මා හ්ම් වත් ශබ්දයක් පිට නොකර මොකද මේ අසමජ්ජාතියා මට තර්ජනය කරන්නේ..... !
තමන්ව තදවී තිබේන ශක්තිමත් දෑත් ඇත්තාට දේවදර සිතින් බනින්න උනා.

සෙබලුන් පසුකර ඔවුන්ගේ හඬ නෑසෙන තරන් වූ විට දේවදර තමන් අල්ලාගෙන සිටි තැනැත්තාව තල්ලු කරදැම්මා.

" කෙලෙහි ගුණ නොදන්නවද , මමයි නුඹව බේරගත්තේ , අහු උනොත් කම්බස් !! "

ඊට නැහුනා වගේ උන් දේවදර දෙපස බලා අඳුර දිගේ ඉදිරියට යන්න උනා.

" ඒක එහෙම නොවේ නේද තරුණයා උනේ , දේවයන්ගේ දේශසීමා පසුකරගෙන එහේ රිංගූ ඔබව මා නිසා අසු වේයැයි ඔබ බිය උනා.... "

" නවත්වගන්න , මා ඔබව නැවත ප්‍රාකාරය අසලට රැගෙන යන්නම් "
දේවදරගේ අතින් වැරකොට අල්ලා ඇදගත් තරුණයා කියන්න උනා

" යනූ..... ! නැවත එන්න සිතන්න එපා... "
තරුණයා අතින් ඇද විසිකර පහර ගිස් දේවදර ප්‍රාකාරයේ මුහුණ වැදුනා.

" දිනක මේ දේවල් වෙනස් වෙනවා. තරුණයා..... "
තම මුහුණ අතගෑ දේවදර තරුණයාට තරමක් ලංවි සිටගත්තා.

ප්‍රාකාරය අසල ඇති වීදි ආලෝකකරණකණු මගින් දේවදරයන් තමන් ඉදිරියේ සිටින තරුණයාගේ මුහුණත පැහැදිලිව දකී.

ඔහුගේ මුවෙහි හැඩතල හොදින් පිරික්සූ දේවදර ඔහුහා සිනාවූවා.

" අනාගතය දුශ්කරයි කුමරුනි... වෙනදේවල් නවත්වන්න භූමි මාතාවටත් නොහැකි වේවි... "
එසේ කියමින් ඉක්මනින් ප්‍රාකාරයේ කැඩුණු තැනින් ඉවතට පැනගත්තේ තරුණයාට මොකුත් සිතාගන්නත් ප්‍රථම....



මොනාහරි කියන් යමූ 🙂

You've reached the end of published parts.

⏰ Last updated: Jul 06, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

යුධාගන Where stories live. Discover now