අවට ඝනදුර වුවත් යක්පුර ඉහල ගිරි මුදුන් තුලින් ආලෝක කදම්බයක් විහිද පවති.
" මේ ප්‍රාකාරයෙන් එපිට මොනාද මියුදේව ? "
" උබ නොදන්නවා නොවේනේ , ඒ යක්පුර ! "
අවට හොදින් පෙනෙන සේ රුකකට නැගගත් මිතුරන් දැනට අඩහෝරාවකටත් අධික කාලයක් මෙහි ගත කර තිබුනා.මියූදේවයන්ගේ පිලිතුරට සිනාවූ දේවදරයන් තමන්ගේ ඇගෙහි පැමිණ වදින සුළංරැල්ල නිසා ගසාගෙන යන තම උරෙස් මට්ටමේ වූ හිසකේ නැවත අතින් පිටුපසට කරා.
" මා හිතන්නේ තව දුරට යන්න යන්න එහි මොනා ඇද්ද මියුදේව , බලාපන් අර ගිරි මුදුනේ එළි , මොනවද ඒ දැල්වෙන එළියෙන් සිදුවන්නේ ? "
" මා යක්ඛයෙක්ද බොල දේවදර ?! "
තරමක් සැරෙන් කියූ මියුදේවයන් කතක් මෙන් ගස්සා අහක බලන සැටි දේවදර ඇස් අගින් බලා සිටියා." මා කුතුහල ඇත්තෙක් මගේ යහළුවා "
දේවදරයන්ගේ කතාවට පිළිතුරු නොදුන්ද මියුදේව එය හොදින් දනි. ඔහුට උදෑසන අවදිවන තැන සෑමදේ පිළිබඳව ඇත්තේ නොසිදෙන කුතුලකි.සුළු නිශ්ශබ්ද්ධයත් සමග රැහැයින්ගේද , තවත් කොළ තුල සිට ශබ්දකරන්නාවූ සතුන්ගේද හඬ ඇසෙයි.
තැනින් තැන පියඹා යන කදෝපැණියෙක් තම මුහුණ ඉදිරියෙන් යනු දුටු මියුදේව කදොපැනියව අල්ලා ගත්තා.
" යක්පුර නොදුටුවත් මා නාගපුර දුටුවා. "
අතේ සිටි කෘමියාව ඉවත් කෙරු මියුදේව දෑස් පියගෙන සිටි දේවදර අසලට සෙමෙන් ගාටන්න උනා" උබ මා මුලා කරන්නද යන්නේ ? "
" එහි වඩාත් වර්ණවත් , රාතිය වුවත් අඳුර කොහිවත් සොයාගන්නවත් නෑ.. "
" මුසා...!! "
" නෑ... වර්ණ නගරයක් මෙන්ම එහි තරුණියන් අඩනිරුවතින් උන්නා. ඔවුන් ඉහළට ඇදසිටියේ තිසරපටය පමණයි.. යටිකයට දණටත් උඩින්වූ අරුමෝසම් වස්ත්‍ර ඇද උන්නා. "
" කොහේ තිබෙන වස්ත්‍රද ඒ "
" ඒවා වෙනත් දේශයන්ගේන් මියූදේව අමතකද ඔවුන් සයුරෙන් එතෙර රාජ්‍යන්ට පැමිනෙන්න තොටුපළ සදා ඇති බව...... "
" ඉදින් විදෙස් තරුණියන් උන්නද ? "
" ඔව් මා දුටුවා , වෙනස් ඡවි වර්ණයන්ගෙන් සිරුරු ඇති බොහෝ දනන්.... සිටි අඩකටත් වඩා ඔවුන් බීමත්... ඔබට අවශ්‍ය නම් ඔවුන් හා රැය පහන් කලද හැක...... "
මියුදේව තම මිතුරා දෙස බලා සුසුමක් හෙලුවා. තමන්ටත් ඔහුහා යන්න තිබුනානම් කියා ඔහුගේ සිත පිනුම් ගසන්න උනා.
තරුණියක් හා යහනක සිටිනා සැටි ඔහු මවාගන්න වුනා.
" මාද රැගෙන යාහැකිද දේවදර ? "
ඊට හිස වැනූ දේවදර ඉදිරියේ වූ විශාල ප්‍රාකාරය දෙස නෙත් යොමා සිටියා." මා ඉන්පසු යන්නේ මේ ප්‍රාකාරෙන් එපිටට "
" හහඃ , නාග මෙන් නොව දේවදර ,යක්ඛයන් දරුණු සිත් ඇති මෘගයන් මෙන් වෙයි. "
" උත්සාහ කිරිම වටිනේය "
" මියගියහොත් මා අවසන් කරදෙයි කියා සිතන්නෙපා "
" මා ඔබව හොදින් දනී මියුදේව "
දේවදර සිනාවක් තම මිතුරාට පිළිගැන්වුවා.ඉන්පසු ගසෙන් බැසගත් මිතුරන් නැවත නිවෙස් කරා යාමට සුදානම් වුනත් ඔවුන්ගේ ගමන වළකාලමින් පඳුරු අතරින් අඩි හඬක් දේවදරයන්ට ඇසුනා.
" මියුදේව ඉදිරියට යන්න මා එන්නම් "
ඊට හිස වැනූ මියුදේව ගස මුල නිවී තිබූ හුළු අතු ගෙන ඊට ළංව සෙමෙන් " අග්නි " යැයි මුමුණන්න වුනා.
අණ ලත් වහා සෙනික ක්‍රියාත්මක වූ කණාමැදිරියෙක් මෙන් හුළු අත්ත පට පට සද්දෙන් ඇවිලෙන්න විය.
" ඉක්මන් කර වරෙන් " කියමින් හුළු අත්තක් දේවදර අතට දුන් මියුදේව තම පාඩුවේ ඉදිරියට ඇදුනා.
මියුදේව ගිය වහා පදුරු අතරට ගෑටූ දේවදර සද්ද වමින්සිටි අදුරට හුළු අත්ත එල්ල කලා.
" තෝ කොහොමද බොල මෙහේ ආවේ?...ඔහේ හිටූ "
දේවදර කියා අවසන් කරන්නත් පෙර දේවදර තල්ලු කෙරු තරුණයා වේගයෙන් ඈතට දිව යනු බලා සිටි දේවදර කල්පනා කරන්න වුනා." එසේ නම් නාගපුර යාමට මා හැරූ උමග මෙන් උමගක් යක්පුර යාමටත් තිබිය යුතුයි. "

YOU ARE READING
යුධාගන
Fantasyරාජ්‍යත්වය උදේසා යුධ වදින රාජ්‍යන් සතරක් , අතීතයේ ලංකාවේ තිබූ වංශ හතර අලලා ගෙතුණු කතාවකි....