ලා හිරු රැසින් පොලෝ තලය නැහැවෙමින් තිබුණු එක් සන්ධ්‍යාවක වැල්ලෙන් පිරුණු පටු මාවතක් දිගේ ඉදිරියට ඇදෙනා කතකි. විසිවයස් නොඉක්මවූ ඈ නාඹර තරුණියක් වූව ද ඇගේ මුහුණෙන් දිස් වූයේ යෞවනියකගේ මෙන් සිත්කලු සුන්දරත්වයක් නොවීය. හුදෙක් මැදිවයසේ පසුවන්නියකගේ පෙනුමක් ඉසිලූ ඈ සතු වූයේ සමවයස් තරුණියකගේ මෙන් වත්සුණු තවරා හැඩගැන්වූ සුරූපී වතක් නොවුණි. වියැවුල් වූ හිස කෙසුත් හැකිළුණු නළල් තලයත් දෙකොපුලෙන් වැගිරෙන දහදියත් ඈව පමණට වඩා විරූපී කළා ය.
එහෙත් ඒ විරූපීත්වයට යටින් වෙනස්ම අලංකාරීත්වයක් ගැබ්ව තිබෙනා බව ඈ දෙස හොඳින් බලන්නෙකුට වැටහුම් ඇති කරලයි. ඈ දුටුවන් නෙත් වශී කරනා රූප රාජිනියක් නො වූවද ඈ දුටු විට නැවත වරක් බැලුම් හෙළීමට සිත් වන තරමක සුන්දරත්වයක් ඈ සඟවාගෙන සිටියාය.ඇයටම ආවේණික වූ දුඹුරු පැහැති සම ඇයට යම් විශේෂත්වයක් එක් කර දුණි.එය ඉතා දීප්තිමත් විය.සිහින් සිරුරකට හිමිකම් කී ඇගේ අත් පා වල සම ඇටයට ඇලී ගියෙන් එය ඇගේ දිවියේ නොතිබුණු කඨෝරත්වයක් ගෙන හැර පායි.
කළු පැහැති දිගු කලිසමකින් ද සැහැල්ලු බ්ලවුසයකින් ද සැරසුණු ඇගේ කර පාළුවට ගොස් තිබූ අතරම දෙ කනෙහි කරාබුවක ද නොවීය. ඈට ඒවා මිලදී ගන්නට තරම්වත් වත්කමක් නොවූයේද නැතහොත් ඒවා ඇඟ ලා ගැනීමට ඈ පිලිකුල් කළේ දැයි අපැහැදිලි ය.
කෙසේ වෙතත් වම් කොපුලේ යටට වන්නට වූ කළු ලපය තවමත් බලාපොරොත්තුවක,වාසනාවක සේයාවක් ගෙන දුණි.එහෙත් ඇගෙන් දිස් වූ විඩාපත් බව ඒ සියල්ල යටපත් කළාය.
YOU ARE READING
_සිතුවිලි සීරාවී_
RomanceStuck in thoughts Lost in feelings Trying to figure it out Whe...