විඩාබර ගමනකින් පසුව ඇනෙක්සියේ ඉස්තෝප්පුවට ගොඩවුණු ඈ එහි වූ පුටුවක් මත මෙතෙක් වේලා දෑතේ රැඳී තුබූ හෑන්ඩ් බෑගය තබා දිගු සුසුමක් හෙළී ය.අනතුරුව කලිසම් සාක්කු පිරික්සා එතුළින් ගත් යතුරෙන් දොරගුළු ඇර "ක්රාස්..." හඬක් නඟමින් දොර දෙපසට විවර කළාය.ඊටත් පසුව අඳුරෙහිම අතපත ගාමින් සාලයෙහි වූ ස්විච්චය තද කළාය.ඒත් සමගම සාලයේ වූ විදුලි බුබුළ ද නිවි නිවි දැල්වෙන්නට වූයේ ඈ සිත තව තවත් මූසල හැගීමකින් දවාලමිනි.නැවතත් ඉස්තෝප්පුවට පැමිණි ඈ පුටුව මත වූ බෑගය බිම තබා එහි ම වාඩි ගන්නට විය.
පෑයූ චන්ද්‍රයා වලාවක් මත සැඟව යන්නට වූයෙන් අවට පරිසරයම ඝන අන්දකාරයෙන් නැහැව යන්නට විය.කිසිදු අරමුණක හෝ බලාපොරොත්තුවක සේයාවක් ගෙන නොදුන් ඈ වත එක එල්ලයේම චන්ද්‍රයා වෙත යොමුව තිබේ.ඈ ඔහේ හිස යොමා ගෙන ඇසිපිය නොහෙලා කල්පනා සාගරයක ගිලී යන්නට වූවා ය.එනමුදු කිසිවක් පැහැදිලිව ඇගේ මනසට නොනැගුණි.ඈට වූයේ හුදු විරාමයක අවශ්‍යතාවය පමණි.
පරිසරය දැඩිව නිශ්ශබ්ද වූයෙන් බිත්ති ඔරලෝසුවේ කටුවේ ගමන් හඬ පවා පැහැදිලිව ඈ සවනට වැකිණ.එක්වරම ඈ යමක් සිහියට නැගුණාක් මෙන් ඔරලෝසුව වෙත නෙත් යොමු කරලන්නීය.
"08:10"
ඇගේ සිරුර දහදියෙන් නැහැවී ඇද සිටි බ්ලවුසය පිටටම ඇලී ගොසිනි.ඈ ඉක්මනින් පුටුවෙන් නැගිට්ටේ නාගෙන එන්නට කියාය.
නෑමෙන් අනතුරුව රාත්‍රී අහර ගන්නට ද කිසිඳු රුචියක් නොවූ තැන ඈ විසින්ම සාදා ගත් කෝපි කෝප්පය අසල තබා ගත් ඈ කාමරයේ මේසය මතට වී කඩදහියක කටුවට මොනවදෝ පබඳන්නට විය.ඈ තුළ සිරව තිබූ දහසකුත් සිතිවිලි ඈව ඇතුළාන්තයෙන් ම දවමින් තිබිණ.
ඇගේ සිතිවිලි වචන කර පවසන්නට කිසිවෙක් ඈ අසල නොවීම ඈට ගැටලුවක් නොවන්නට ඇත.මන්ද යත් ගෙවී විය පසුගිය අවුරුදු කිහිපය පුරාවටම ඈ කළේ ඒ සියල්ල තනිව විඳ දරා ගැනීම පමණි.ඒ ඈ විසින් ඈට ම ලියා ගත් දෛවයයි.
ඇගේ සිහිය පරණ මතක විසින් උදුරා ගනු ලැබී ය.මතක සාගරයෙහි කිමිදෙන්නට හෝ ඒ තුළම ගිලී යන්නට ඈට කිසිදු අවශ්‍යතාවයක් නොවූව ද ඒ මතක විසින් ඈව ගිල ගනු ලැබිණි.ඒ අමිහිරි මතක!ඈ වෛර කළ මතක!ඈ මතකයට ගන්නට ඇකමැති වූ මතක!එක්වරම සේයරුවක් මෙන් ඇගේ මනසෙහි ඇදී ගියේය. ඇගේ දෑස් නොදැනීම පිය වෙද්දි ඈ පාසල් දිවියේ නොමැකෙන මතක අතර සම වැදෙමින් අතීතයට දිව ගියාය.
YOU ARE READING
_සිතුවිලි සීරාවී_
RomanceStuck in thoughts Lost in feelings Trying to figure it out Whe...