අවට වූ ළා හිරු රැස් කෙමෙන් කෙමෙන් මැකී ගිය ද තවමත් සම්පූර්ණයෙන්ම පහව නොගොස් ඇත.යුවතියගේ ගමන මෙතෙක් මුත් කෙළවරකට පැමිණ නැත.වරින් වර මුහුණට වැටෙනා හිස කේ අතින් සකසමින් ද නලළින් වැගිරෙන දහදිය බිදු පිසිමින් ද ඈ ඉදිරියට ඇදෙයි.යම් කිසිවක් තනිව තමාටම මුමුණමින් ද කිහිප විඩක්ම සුසුම් හෙළමින් ද ඈ මෙසේ අඩ හෝරාවක් පමණ ඉදිරියට ඇදී තාර පාරකට පිවිසුණාය.කඩිනමින් එහා මෙහා යන අතළොස්සක් දෙනා ද වේගයෙන් දිවෙනා වාහන කිහිපයක් ද හැර පරිසරය වෙනදාට වඩා නිස්කලංක විය.එහා මෙහා යන ඔවුන් කිසිවෙකුට ඈ ගැන නිනව්වක් නොවුණි.ඔවුනට ඒ සදහා අවශ්‍යතාවයක් ද නොවීය.ඈ ඔවුන්ගේ කිසිවෙක් හෝ නොවේ.අන් අය තියා ඇයවත් තමා ගැන තකන බවක් නොපෙනුණි.
තාර පාර දිගේ ඉදිරියට ඇදී ආ ඈ ඉන්පසු බස් නැවතුම් පොළට ආවා ය. ගමනාන්තය වෙත ළගා වීමට නම් නිරන්තරයෙන්ම පාළූ ස්වභාවයක් උසුලන ඒ බස් නැවතුම්පොළ පසු කළ යුතුමය.කුඩයක් අතින් ගත් මැදි වියේ කතක් ද ජංගම දූරකතනයටම මුහුණ හොවා ගත් තරුණයෙකු ද එහි වීය.එනමුදු තරුණියගේ දෑස් වෙනත් යමක් සොයන්නට විය.ඈ මදක් හිස හරවා වටපිට බැලී ය.
එකෙණෙහිම ඇගේ විඩාබර දෑස් නතර වූයේ එක්තරා එක යුවළක් මතය.ඔව්!ඈ සෙව්වේ ඔවුන්වයි.තවමත් පාසල් දිවියවත් හමාර කර නැති ඔවුන් නව යෞවනයන් වග බැලූ බැල්මට ඕනෑම අයෙකුට වටහා ගත හැකිය.එකිනෙකාට ගෑවී නොගෑවී යන තරමින් ළංව බස් නැවතුම්පොළේ කොනකට වී නොයෙකුත් දෑ දොඩවමින් ඔවුන් ඔවුන්ගේම ලොවකට අවතීර් ණ වෙමින් සිටියෝය.ප්‍රසිද්ද රහසක් වූ ඒ කුළූදුල් ප්‍රේමය රැවුම්,බැනුම් හා ගෙරවුම් මැදින් ගලා යනු ඈ දුටුවේ අද ඊයෙක පටන් නොවේ.
ඔවුන්ගේ වතගොත කිසිත් ඈ නො දත්තාය.එහෙත් ඈ එක් දෙයක් හැදින ගත්තා ය.ඒ නම් ඔවුන්ගේ ප්‍රේමයයි.ඈ ඔවුනොවුන්ගේ ප්‍රේමය හැදින ගත්තාය.එය විදින්නෙක් වී නම් ඒ ඈ ම විය.එකනෙහිම ඇගේ කට කොනට සිනාවක් නැගුණි.එය ආදරණීය වී ද?එහි වූයේ කෝපයක් ද?නැතිනම් සමච්චලයක්වත් ද?අනේ!ඕවා කවුරුන් දනී ද ඈව ත් නොදන්නා කල?
තවත් මොහොතකින් ඇගේ පා ඉදිරියට ඇදී ගියා ය.පෙර දිස් වූ ඒ විඩාබර රුවම තමා වෙතට ආරූඪ කරගත් යෞවනිය ගලා එන අදුර අතරින් පටු මාවතකට ඇතුලුව ගමන් කරන්නට වන.හදිසි කලබලයක් හෝ සෙමෙන් ගමනක් නොමැතිව ඈ ඉදිරියට ඇදෙයි.නොනැවතීම ඉදිරියටම ඇදෙයි......
YOU ARE READING
_සිතුවිලි සීරාවී_
RomanceStuck in thoughts Lost in feelings Trying to figure it out Whe...